Theme images by kelvinjay. Powered by Blogger.

Slider

Recent Video

Recent News

Politics News

Foreign

Entertainment

Business News

Technology

» » » » » » අසාධ්‍ය වූ සිය පියාගේ ජීවිතය බේරාගත් වෛද්‍යවරයාගේ නිවස බිඳ සොරකම් කළ පුත්තුන් දෙදෙනාට වැඩ වරදී....


දැඩි ලෙස රෝගීව අසාධ්‍ය වූ සිය පියා බේරාගත් වෛද්‍යවරයකුගේ නිවස බිඳ රුපියල් හාරලක්‍ෂ හැටපන්දහසක්‌ වටිනා (4,65,000) රන් භාණ්‌ඩ සොරාගත් 18 හා 19 හැවිරිදි දරුවන් දෙදෙනකු ගම්පොල පොලිසියේ විශේෂ පොලිස්‌ කණ්‌ඩායමක්‌ විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ගම්පොල රත්මල්කඩුව හාම්ල්ඩ් ප්‍රදේශයේ පදිංචි මෙම අයියා මලෝ දෙදෙනා ලබන 8 දින දක්‌වා රක්‌ෂිත බන්ධනාගාර ගත කරන ලෙස ගම්පොල වැඩබලන මහෙස්‌ත්‍රාත් හිරාන් ඒකනායක මහතා නියෝග කළේය.

දැඩි ලෙස මත්කුඩු භාවිතට හුරු වී ඇති මෙම බාල වයස්‌කරුවන් දෙදෙනා මීට පෙර ද විවිධ වැරදි සම්බන්ධයෙන් දඬුවම් ලබා ඇති අයවළුන් බව පරීක්‍ෂණ පැවැත්වූ ගම්පොල පොලිසිය අනාවරණය කරගෙන ඇත. 

මොවුන්ගේ පියා අසාධ්‍යව ගම්පොල ශික්‌ෂණ රෝහලට ඇතුළත් කොට දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබා ඇති අතර එහිදී මෙම වෛද්‍යවරයාගේ දැඩි කැපවීම මත ඔහුගේ ජීවිතය බේරාගෙන තිබේ.

ගම්පොල සිංහාපිටිය ධර්මකීර්ති මාවතේ පදිංචි මෙම වෛද්‍යවරයා හා නිවසේ අය පැය භාගයක්‌ නිවසේ නොසිටි අවස්‌ථාවක මොවුන් දෙදෙනා නිවසට ඇතුළු වී මෙම රන් භාණ්‌ඩ සොරාගෙන තිබුණි.

ඒ සමඟම රත්මල්කඩුව ප්‍රදේශයේ තවත් නිවසක්‌ බිඳ රන් භාණ්‌ඩ සොරාගෙන තිබු අතර ගම්පොල නගරයේ නිවාස කිහිපයකින් මෙසේ රන් භාණ්‌ඩ නැතිවීම නිසා ගම්පොල කොට්‌ඨාස භාර පොලිස්‌ අධිකාරි නුවන් මෙන්ඩිස්‌, ස. පො. අ. චන්ද්‍රසේන බණ්‌ඩාර යන නිලධාරීන් ගම්පොල නොවිසඳුණු අපරාධ විමර්ශන අංශයේ ස්‌ථානාධිපති උ. පො. ප. චන්ද්‍රවංශ මහතා ඇතුළු විශේෂ කණ්‌ඩායමක්‌ පත් කිරීම නිසා මෙම සොරකම්වල මහ මොළකරු අල්ලාගැනීමට හැකිවී තිබිණි.

«
Next
Newer Post
»
Previous
Older Post

No comments:

Leave a Reply