Theme images by kelvinjay. Powered by Blogger.

Slider

Recent Video

Recent News

Politics News

Foreign

Entertainment

Business News

Technology

» » » » ප්‍රසන්න රණතුංගගේ පාතාල ගෝලයා, "පස්පොඩ්ඩා" ගිනි අවි සමඟ අත්අඩංගුවට!



පසුගිය කාලයේ ගම්පහ ප්‍රදේශයේ සිදුවු අපරාධ කිහිපයකට සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට සොයමින් සිටි පස් පොඩ්ඩා නමැත්තා ගිනි අවි තුනක් සමග ගම්පහ පොලීසිය මගින් අත් අඩංගූවට ගෙන ඇත.
මෙම අපරාධකරු බස්නාහිර හිටපු මහ ඇමති, පා.ම ප්‍රසන්න රණතුංග මහතාගේ සමීපතම ආධාරකරුවකු වේ. 
 ගම්පහ පොලීසිය  ඊයේ (3) සිදු කරන ලද විශේෂ සෝදිසි මෙහෙයුමකදී උඩුගම්පොළ නැදගමුව ප්‍රදේශයෙහි නිවාස පහක් පරීක්ෂාවට ලක් කොට ඇති අතර මෙහිදී පස් පොඩ්ඩා නමැත්තාගේ නිවසෙහි සඟවා තිබී ටී - 56 ගිනි අවියක් සමග ඊට යොදන ජීව උණ්ඩ 58 ක් සහ පතරොම් ගැබක්ද,  අමෙරිකාවේ නිශ්පාදිත ස්වයංක්‍රීය පිස්තෝලයක් සමග ඊට යොදන උණ්ඩ 8 ක් සහ පතරොම් ගැබක්ද,  මිලි මීටර් 3 දශම 8 ප්‍රමාණයේ රිවෝල්වරයක් සමග ඊට යොදන උණ්ඩ තුනක්ද පොලීසිය සොයා ගෙන තිබේ.
41 හැවිරිදි පස් පොඩ්ඩා නමැත්තා සමග එම නිවසෙහි සිටි බව කියන උඩුගම්පොල සහ නැදගමුව ප්‍රදේශයන්හි පදිංචි අවුරුදු 29 සහ අවුරුදු 31 වයසේ පසුවන පුද්ගලයින් දෙදෙනෙකුද පොලිසිය අත් අඩංගූවට ගෙන ඇත.
ගම්පහ කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මුදිත පුසසැල්ල මහතාගේ උපදෙස් මත පොලිස් නිල සුනඛයින්ගේද සහාය ඇතිව ගම්පහ මුලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක ලක්ෂ්මන් බණ්ඩාර මහතාගේ මෙහෙයවීම යටතේ අද සිදු කොට ඇති මෙම විශේෂ මෙහෙයුම සඳහා පොලිස් නිලධාරීන් 44 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් සහභාගි වූ බව පොලිසිය කියයි.

«
Next
Newer Post
»
Previous
Older Post

No comments:

Leave a Reply