Theme images by kelvinjay. Powered by Blogger.

Slider

Recent Video

Recent News

Politics News

Foreign

Entertainment

Business News

Technology

» » » » ජාතීන් අතර වෛරී ප්‍රකාශ සමාජ මාධ්‍ය හරහා ප්‍රචාරය කළ පාසල් සිසුන් දෙදෙනෙකු අත්අඩංගුවට...


ජාතීන් අතර වෛරී ප්‍රකාශ සමාජ මාධ්‍ය හරහා ප්‍රචාරය කළ පාසල් සිසුන් දෙදෙනෙකු අත්අඩංගුවට - මහනුවර අත්අඩංගුවට පත් සංඛ්‍යාව 146 දක්වා ඉහළට
ජාතීන් අතර වෛරී ප්‍රකාශ සමාජ මාධ්‍ය හරහා ප්‍රචාරය කළ පාසල් සිසුන් දෙදෙනෙකු රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔවුන් වයස අවුරුදු 17 සහ 18 වයසේ පසුවෙන්නන් බවයි පොලිසිය සඳහන් කළේ.

මේ අතුරෙන් එක් සිසුවෙකු හෝමාගම පදිංචිකරුවකු බව ද, එක් සිසුවකු කොල්ලුපිටියේ පදිංචිකරුවකු වෙනවා. මේ අකාරයට අසත්‍ය ප්‍රචාර සහ වෛරී සහගත ප්‍රකාශ පතුරුවන්නන් දිගින් දිගටම අත්අඩංගුවට ගන්නා බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුනසේකර මහතා කියා සිටියේ.
මේ අතර,මහනුවර ප්‍රදේශයේ ඇතිවූ කළහකාරී සිද්ධීන්වලට සම්බන්ධ 146 දෙනෙකු මේ වනවිට අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අද පස්වරුවේ පොලිස් මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් ඔහු කියා සිටියේ අද උදෑසන 6 න් අවසන් වූ පැය 24 තුළ පුද්ගලයින් 65 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි.

«
Next
Newer Post
»
Previous
Older Post

No comments:

Leave a Reply