Theme images by kelvinjay. Powered by Blogger.

Slider

Recent Video

Recent News

Politics News

Foreign

Entertainment

Business News

Technology

» » » රාජාංගනයේ වැව චීනයට දුන්නේ මහින්ද?



තඹුත්තේගම නගරයේ පෙරේදා (28) පැවැති ජන විරෝධතාවට හේතුවූ ‌ රාජාංගනය වැවේ ජලය යොදා සිදුකිරීමට යන පානීය ජල ව්‍යාපෘතිය රාජපක්ෂ ආණ්ඩු සමයේදී ඉදිරිපත්වූවක් බව හෙළිව තිබේ.
එය 2014 අගෝස්තු 18 වැනිදා අමාත්‍ය මණ්ඩල සංදේශ 37/2014 යටතේ ජල සම්පාදන සහ ජල ප්‍රවාහන ඇමති, වත්මන් ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම් නායක මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන විසින් කැබිනට් මණ්ඩලයට යොමුකොට අවශ්‍ය අවසරය ලබා පටන් ගත් ව්‍යාපෘතියකි.
ඊට අදාළ අමාත්‍ය මණ්ඩල සංදේශය පහත දැක්වේ.
එහිදී මෙම ව්‍යාපෘතිය රාජාංගනය ජලාශය ප්‍රධාන ජල මූලාශ්‍රය කර ගනිමින් ආරම්භ කිරීමට සැලසුම් කර ඇති අතර මේ වෙනුවෙන් රාජංගනය වැවෙන් ජලය ලබා ගැනීමට වාරිමාර්ග දෙපාර්තමේන්තුවෙන් අනුමැතියද ලබා දී තිබේ.
මෙම ව්‍යාපෘතියට විදේශීය මුදල් ලෙස ඇමෙරිකානු ඩොලර් මිලියන 71ක් සහ ශ්‍රී ලංකා රජය රුපියල් මිලියන 4,182 ක මුදලක් වැය වන බව එම කැබිනට් පත්‍රිකාවේ සඳහන්ව ඇත.




«
Next
Newer Post
»
Previous
Older Post

No comments:

Leave a Reply