Theme images by kelvinjay. Powered by Blogger.

Slider

Recent Video

Recent News

Politics News

Foreign

Entertainment

Business News

Technology

» » » » සුඩාන් අවසන් ගමන්....


මේ මිහිතලයෙන් තුරන්ව යන සත්ව වර්ගයන් අතර දැනට ඉදිරියෙන්ම සිටින සත්ව විශේෂයකි රයිනෝසිරස් සත්ව විශේෂය.ඒ අතරත් විශේෂ ගණයට වැටෙන්නේ දකුණු අප්‍රිකාව නිජබිම් කොටගත් 'උතුරු සුදු රයිනෝසිරස්' විශේෂයයි.
මුළු ලොවින්ම උතුරු සුදු රයිනෝ වර්ගය තුරන්ව යාමේ පණිවුඩය රැගෙන , ජීවත්ව සිටි අවසන් පිරිමි උතුරු සුදු රයිනෝසිරස් වූ 'සුඩාන්' අද දින කෙන්යාවේ සත්ව උද්යානයකදී තම ජීවීතයට සමුදුන්නා. වයස අවුරුදු 45 ක් ජීවත්ව සිටි සුඩාන් පසුගිය මාස කිහිපයේම අසනීපව කල් ගතකලා.පසුගිය 2014 වසරේදී දෙවන අවසාන පිරිමි සතාද මිය ගිය අතර අද මිය ගියේ “අවසාන සුදු රයිනෝ“ පිරිමි සත්වයාය.ඒ අනුව දැනට ඉතිරිව සිටින්නේ සුඩාන්ට දාව උපන් දියණි සතෙකු සහ මිණිපිරි සතෙකුයි.දෙදෙනාම ගැහැණු සතුන් වන නිසා මේ ගෙවී යන්නේ මිහිපිට 'උතුරු සුදු රයිනෝ සතුන්' දැකිය හැකි අවසන් වසර කිහිපය විය හැකියි.
සත්ව පර්යේෂකයින් සුඩාන් වෙතින් ලබාගත් පිරිමි බීජ වර්ධනය කොට සත්ව වර්ධනයක් සිදුකිරීමට හැකිදැයි පර්යේෂණ පවත්වන අතර එය එතරම් සාර්ථක නොවේ යැයි ඔවුන් පවසනවා.පසුගිය සියවස පුරාම දඩයක්කරුවන් විසින් රයිනෝසිරස් දඩයම විශාල වශයෙන් සිදුකල නිසා රයිනෝසිරස් සත්ව විශේෂය ඉතා සීග්‍රයෙන් වඳ වීමට ලක්විය. දැනට අප්‍රිකාවේ , ආසියාවේ , ජාවා හා සුමාත්‍රා දූපත් හි ජීවත්ව සිටින සියලු රයිනෝසිරස් ගහණය 20,000ට සීමා වී ඇත.
තවමත් දඩයක්කරුවන්ගේ ග්‍රහණයට අසුවන බැවින් අප්‍රිකාවේ රයිනෝ සතුන්ගේ ආරක්ෂාව උදෙසා වෙනම මිනිස් හමුදාවක් පවා යොදවා තිබේ. කෙසේ වුවත් මෙම රයිනෝ ගහණයද අවසන් වූ පසු ඉතිරිවන්නේ මිහිතලයේ අතීතයේ සිට පැවත ආ අති විශේෂ සත්ව වර්ගයක් වූ රයිනෝවරුන්ගේ ද්වීමාන ඡායාරූ පමණකි.

«
Next
Newer Post
»
Previous
Older Post

No comments:

Leave a Reply