Theme images by kelvinjay. Powered by Blogger.

Slider

Recent Video

Recent News

Politics News

Foreign

Entertainment

Business News

Technology

» » » » නව හැවිරිදි දියණිය කුකුල් කූඩුවකට දමා වසා උත්සවයකට සහභාගි වූ මවක් අත්අඩංගුවට....


තම නව හැවිරිදි දියණිය කුකුල් කූඩුවකට දමා වසා උත්සවයකට සහභාගි වූ මවක් මහනුවර, හේවාහැට, රහතුන්ගොඩ ප්‍රදේශයේදී ඊයේ (18) පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. 
ප්‍රදේශවාසීන් පොලිසියට කළ දැනුම් දීමකට අනුව 28 හැවිරිදි මෙම කාන්තාව අත්අඩංගුවට ගෙන ඇති අතර ඇයගේ දියණිය ප්‍රතිකාර සඳහා රිකිල්ලගස්කඩ රෝහලට ඇතුළත් කර ඇති බවයි වාර්තා වන්නේ.
මීට පෙර ද මව විසින් මෙවැනි ක්‍රියා සිදුකර ඇති බවට පොලීසියට තොරතුරු ලැබී ඇති අතර අදාළ දැරිය හේවාහැට ප්‍රදේශයේ විද්‍යාලයක පස්වන වසරේ ඉගෙනුම ලබනවා. 
දැරියගේ පියා කුලී වැඩ කරන අතර ඔවුන්ට තවත් වයස අවුරුදු 03ක කුඩා දරුවෙකු සිටින බවත් එම දරුවා ආබාධිත තත්ත්වයෙන් පසුවන බවත් පොලීසිය සඳහන් කළා.

«
Next
Newer Post
»
Previous
Older Post

No comments:

Leave a Reply