Theme images by kelvinjay. Powered by Blogger.

Slider

Recent Video

Recent News

Politics News

Foreign

Entertainment

Business News

Technology

» » » එජාපය අනාථයි... දෙහිවල ගල්කිස්ස නගර සභාවත් පොහොට්ටුවට

  

 

දෙහිවල ගල්කිස්ස මහනගර සභාවේ නගරාධිපති ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කළ නාවලගේ ස්ටැන්ලි ඩයස් මහතා හා නියෝජ්‍ය නගරාධිපති ලෙස අධි නීතිඥ දිප්ත උඩවත්ත මහතා තේරීපත් විය.
නගරාධිපතිවරයාට ඡන්ද 23 ක් ද නියෝජ්‍ය නගරාධිපතිවරයාට ඡන්ද 25 ක් ද හිමි විය.
බස්නාහිර පළාත් පාලන කොමසාරිස් චන්ද්‍රානි සමරකෝන් , කොළඹ දිස්ත්‍රික් පළාත් පාලන සහකාර කොමසාරිස් සෙව්වන්දි හෙට්ටිආරච්චි, පළාත් පාලන දෙපාර්තමේන්තුවේ නීති නිලධාරි පාලිත අබේවර්ධන යන මහත්ම මහත්මීන්ගේ ප්‍රධානත්වයෙන් මෙම ඡන්ද විමසීම නගර සභා ශ්‍රවණාගාරයේ පැවැත්විණි.
මෙහිදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරු 19 දෙනාට අමතරව ශ්‍රීලනිප මන්ත්‍රීවරු 4 ක් ඡන්දය ලබාදුන්නේය.
එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් නගරාධිපති ධුරය සඳහා ඉදිරිපත්ව  සිටි සුනේත්‍රා රණසිංහ මහත්මියට ඡන්ද 21 ක් ද රුවන් ලියනගුණවර්ධන මහතාට ඡන්ද 19 ක් ද ලබා ගැනීමට හැකිවිය.

«
Next
Newer Post
»
Previous
Older Post

No comments:

Leave a Reply