Theme images by kelvinjay. Powered by Blogger.

Slider

Recent Video

Recent News

Politics News

Foreign

Entertainment

Business News

Technology

» » » » » අර්ජුන් ඇලෝසියස් යළිත් මැගසින් බන්ධනාගාරයට....


2015 වර්ෂයේ පෙබරවාරි මස 27 දා සිදු වූ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් භාණ්ඩාගාර බැදුම්කර නිකුත් කිරීමේදී සිදුවී ඇතැයි කියන වංචාව සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති පර්පෙචුවල් ට්‍රෙසරිස් පුද්ගලික සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස්  සහ එම සමාගමේ ප්‍රධාන විධායක නිළධාරි කසුන් පලිසේන යන අය ඇප මත මුදාහරින ලෙසට ඉල්ලා ගොනු කර ඇති ප්‍රතිශෝධන පෙත්සම මාර්තු මස 9 දා ට කල් තැබීමට කොළඹ මහාධිකරනය නියෝග කළා.

මෙම පෙත්සම සම්බන්ධයෙන් වගඋත්තරකරුවන් ලෙසට නම් කර ඇති අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ නීතිපතිවරයාට නොතීසි නිකුත් කරනවාද යන්න නියෝගය මාර්තු මස 9 දා නිකුත් කරන බව මහාධිකරන විනිසුරු සම්පත් විජේරත්න මහතා දන්වා සිටියා.

අර්ජුන් ඇලෝසියස් සහ කසුන් පලිසේන යන අය ඇප මත මුදා හරින ලෙසට කළ ඉල්ලීම පසුගිය පෙබරවාරි මස 16 දා   කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරනය ප්‍රතික්ෂේප කර ඇති බවත් එම නියෝගය දෝෂ සහිත බවට මෙම ප්‍රතිශෝධන පෙත්සමෙන් පවසා සිටියි .

මෙම පෙත්සමෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ නීතිපතිවරයා වගඋත්තරකරුවන් ලෙසට නම් කර ඇත .

අර්ජුන් ඇලෝසියස් පර්පෙචුවල් ට්‍රෙසරිස්  සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි කසුන් පලිසේන යන අය මාර්තු මස 2 දා තෙක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ කොටුව  මහේස්ත‍්‍රාත්වරිය මීට පෙර  නියෝග කළා.

සැකකරුවන්ට එරෙහිව පොදු දේපල පනත යටතේ චෝදනා එල්ල වී ඇති බැවින් ඔවුන් ඇප මත මුදාහැරීමට තරම් සුවිශේෂි කරුණු අධිකරනයේ අනාවරණය නොවන බවට මහේස්ත‍්‍රාත්වරිය පවසා සිටියා.

මේ අතර දින කිහිපයක් බන්ධනාගාර රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටි පර්පචුවෙල් ටෙ‍්‍රෂරීස් හිමිකරු අර්ජුන් ඇලෝසියස් යළි නව මැගසින් බන්ධනාගාරයට මාරු කර තිබෙනවා. ඒ, කොළඹ ජාතික රෝහලේ විශේෂඥ වෛද්‍යවරියක පැමිණ අද (28) සිදු කළ පරීක්ෂාවකින් පසුවයි.

අර්ජුන් ඇලෝසියස් බන්ධනාගාර රෝහලට ඇතුලත් කෙරුණේ ශ්වසන අපහසුතාවක් හේතුවෙන්. පසුව සමේ ආසාධනයක්ද ඔහුට ඇතිවී තිබෙනවා. වෛද්‍යවරුන් මුලින් කියා සිටියේ එම දිනවල පැවැති සීතල සහ දුවිලි හේතුවෙන් ශ්වසන අපහසුතාව ඇති වන්නට ඇති බවයි. සමේ ආසාධනය ඇතිවන්නට ඇත්තේ බන්ධනාගාරයේ අඩු ආලෝකයක් යටතේ සිට වැඩි ආලෝකයක් සහිත බන්ධනාගාර රෝහලට පැමිණීමෙන් බව ද එහිදී ප‍්‍රකාශ කෙරුණා. අද පැමිණි කොළඹ ජාතික රෝහලේ විශේෂඥ වෛද්‍යවරිය මෙම රෝග තත්ත්වයන් දෙක සඳහාම අර්ජුන් ඇලෝසියස්ට දින තුනකට ඖෂධ නියම කළ බවයි බන්ධනාගාර ආරංචි පවසන්නේ.

මීට පෙර බන්ධනාගාර රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිට නව මැගසින් බන්ධනාගාරයට මාරු කෙරුණු පර්පචුවෙල් ටෙ‍්‍රෂරීස් ප‍්‍රධාන විධායක නිළධාරී කසුන් පලිසේනද අද වෛද්‍ය පරීක්ෂණයකට ලක් කෙරුණා. ඔහු පීඩා විඳිමින් සිටියේ කොන්ද ප‍්‍රදේශයේ ආබාධයකින් සහ ශ්වසන අපහසුතාවකින්. ඒ සඳහාද කොළඹ ජාතික රෝහලෙන් පැමිණි විශේෂඥ වෛද්‍යවරිය ඖෂධ නියම කර තිබෙනවා.

අර්ජුන් ඇලෝසියස් සහ කසුන් පලිසේන යන දෙදෙනාම මේවනවිට සිටින්නේ රක්ෂිත බන්ධනාගාරගතවයි. ප‍්‍රශ්ණගත බැඳුම්කර ගනුදෙනුවට අදාළවයි ඔවුන් මෙලෙස රක්ෂිත බන්ධනාගාරගතකර සිටින්නේ. 

«
Next
Newer Post
»
Previous
Older Post

No comments:

Leave a Reply