Theme images by kelvinjay. Powered by Blogger.

Slider

Recent Video

Recent News

Politics News

Foreign

Entertainment

Business News

Technology

» » » අම්පාරේ වඳ පෙත්ත ඒකාබද්ධයේ ප්‍රබලයෙක් සැළසුම් කළ එකක් ? - අලුත්ම බුද්ධි අංශ වාර්තාවෙන් හෙළි වෙයි ! (වීඩියෝ)




මේ දිනවල රටේ ප්‍රදේශ කිහිපයක උද්ගතව තිබෙන සිංහල-මුස්ලිම් ගැටුම අවස්ථාවාදී දේශපාලන කණ්ඩායමකගේ සැළසුම් සහගත ක්‍රියාවලියක ප්‍රතිපලයක් බව අනාවරණය වී තිබේ. රජයේ බුද්ධි අංශ තොරතුරු අනුව වාර්තා වන්නේ මෙම තත්ත්වයට හේතුව ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුගේ නිර්ලජ්ජිත ක්‍රියාවක් බවයි.

එනම්, පසුගියදා අම්පාර ප්‍රදේශයේ මුස්ලිම් හෝටලක් තුල ආහාර වලට වඳපෙති මිශ්‍ර කළේ යැයි සඳහන් කරමින් සිංහල පිරිසක් එම හෝටලයේ හිමිකරුට සහ සේවකයන්ට පහර දී දේපල හානි සිදුකිරීම ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් දෙදෙනෙක් විසින් සැළසුම් සහගතව කරන ලද්දක් බව හෙළිදරව් වී තිබේ. එමෙන්ම එම සිදුවීම වීඩියෝගත කර සමාජ ජාල මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කොට ජනතාව තුළ ජාතිවාදය වැපිරවීමද එම සැළසුමේම කොටසක් බව සඳහන් වේ.
ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරයෙක් වන තිස්ස විතාරණ එම සිදුවීමට දින කිහිපයකට පෙර අම්පාර ප්‍රදේශයට ගොස් ඒකාබද්ධ විපක්ෂයේම මන්ත්‍රීවරයෙක් වන සරත් වීරසේකර සමඟ මෙම සිදුවීමට සැළසුම් කර තිබෙන බව බුද්ධි අංශ වාර්තා අනුව අනාවරණය වී තිබේ. 

එම ගැටුමත් සමඟ රට තුළ ජාතිවාදය පිළිබඳව විවිධ ප්‍රචාරණයන් දියත් වෙමින් තිබියදී මහනුවර ප්‍රදේශයේ ඇති වූ රිය අනතුරකින් සිංහල තරුණයෙක් මියයෑම දඩමීමා කරගැනීමට මෙම අවස්ථාවාදී පිරිස කටයුතු කර තිබේ. අවසානයේ මින් සිදුවන්නේ අහිංසක ජීවිත කිහිපයක් අහිමිවීමේ බරපතල අපරාධයකි.

මහනුවර සිදුවීමත් සමඟ මෙම පිරිස තම දේශපාලන පටු අරමුණු වෙනුවෙන් ආරක්ෂක අංශවල සාමාජිකයන්ද යොදාගෙන මුළු මහනුවරම ගින්නෙන් ඇවිලවීමට කටුයුතුකොට තිබේ. මහනුවර ගැටුමට සම්බන්ධව මහනුවරදී අත්අඩංගුවට ගත් යුධ හමුදා සාමාජිකයන් රාජපක්ෂ පාලන සමයේ සිදු වූ සිදුවෑන් සිද්ධින්ට සම්බන්ධ වූවන් බවද මේ වන විට අනාවරණය වී තිබේ. විශේෂම කරුණ වන්නේ මෙම යුධ හමුදා සාමාජිකයන් මහනුවර ප්‍රදේශයේ රාජකාරී සඳහා යොමුකර නොමැති අතර රටේ විවිධ ප්‍රදේශවල රාජකාරී සඳහා යොමුකර සිටියවුන් බව හෙළිවීමයි.

මෙම සිදුවීම් සියල්ලම දේශපාලන සැළසුමක් අනුව සිදුකල එකක් බවට අමාත්‍ය රාජිත සේනාරත්නම මාධ්‍ය ඔස්සේ හෙළිදරව් කර තිබේ. (වීඩියෝව පහතින්)
මෙම සිදුවීම් සියල්ල පෙළගැස්වීම මත පැහැදිළිවන කාරණයක් වන්නේ රට අස්ථාවර කර හෝ තම පටු දේශපාලන අරමුණු ඉටුකර ගැනීම වෙනුවෙන් බල තණ්හාවෙන් කටයුතු කරන රාජපක්ෂ ප්‍රමුඛ කල්ලියේ සැළසුම් සහගත ක්‍රියාවලියක් බවයි. බලය වෙනුවෙන් තම රට ජාතිය වුවද පාවාදී, ජාතිවාදය වපුරමින් කටයුතු කිරීමට මොවුන් පෙළගැසීම කණගාටුදායක කරුණකි.


«
Next
Newer Post
»
Previous
Older Post

No comments:

Leave a Reply