Theme images by kelvinjay. Powered by Blogger.

Slider

Recent Video

Recent News

Politics News

Foreign

Entertainment

Business News

Technology

» » » » 70 වන ජාතික නිදහස් දින සමරු මුද්දරය සහ මුල් දින කවරය නිකුත් කරයි....


70 වන ජාතික නිදහස් දින සමරු මුද්දරය සහ මුල් දින කවරය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් නිකුත් කර තිබේ.

ඊයේ (28) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී සමරු මුද්දරය සහ මුල් දින කවරය නිකුත් කිරීම සිදුවූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන, ස්වදේශ කටයුතු අමාත්‍යය හා තැපැල් දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිළධාරීන් පිරිසක් මෙම අවස්ථවට එක්ව තිබේ.

මේ අතර  ශ්‍රි ලංකාවේ ප්‍රථම ඔලිම්පික් පදක්කම්ලාභියා වන ඩන්කන් වයිට් මහතාගේ ජන්ම ශත සංවත්සරය වෙනුවෙන් ද විශේෂ මුල් දින කවරයක් නිකුත් කල බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.
  
වයිට් මහතාගේ ජන්ම ශත සංවත්සරය අදට යෙදී තිබේ.

ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර, ක්‍රිඩා අමාත්‍යංශයේ ලේකම් ජයන්ත විජේරත්න යන මහත්වරුන් ඇතුළු පිරිසන් මෙම අවස්ථාවට එක්ව සිටි බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය. 

«
Next
Newer Post
»
Previous
Older Post

No comments:

Leave a Reply