Theme images by kelvinjay. Powered by Blogger.

Slider

Recent Video

Recent News

Politics News

Foreign

Entertainment

Business News

Technology

» » » » ශ්‍රීලනීපයේ 7ක් පොහොට්ටුවට...


ඒකාබද්ධ විපක්ෂයට එකතුවීම සඳහා සුදානමින් සිටින ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇමතිවරුන් අද (6) දිනයේදී පාර්ලිමේන්තුවේදී රැස්ව තීරණයක් ගැනීමට නියමිතව ඇතැයි වාර්තා වේ.
ඒකාබද්ධ විපක්ෂය විසින් නුගේගොඩදී හෙට (07) පැවැත්වීමට නියමිත මහජන රැළියේ වේදිකාවට ගොඩවනවාද, එසේත් නැතහොත් පාර්ලිමේන්තු සභාවාරයේදී විපක්ෂයේ අසුන් ගන්නේ දැයි එහිදී තීරණය කරනු ඇති බවද දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.
පසුගිය දින කිහිපයේදී ඒකාබද්ධ විපක්ෂයේ නායකයන් සමඟ සාකච්ජා කර ඇති ශ්‍රීලනිප ඇමැති කණ්ඩායමට හත්දෙනෙකු අයත් බවද වාර්තා වේ.
ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය නියෝජනය කරන ඇමතිවරයෙකු, කුරුණෑගල දිස්ත්‍රික්කය නියෝජනය කරන ඇමතිවරයෙකු සහ කොළඹ දිස්ත්‍රික්කය නියෝජනය කරන ඇමතිවරයෙකු මෙහිදී දැඩිව අවධාරණය කර ඇත්තේ තවදුරටත් ආණ්ඩුවේ රැදී සිටිය නොහැකි බවත් අනෙකුත් ඇමතිවරුන් කුමන තීරණයක් ගත්තද තමන් අනිවාර්යයෙන්ම විපක්ෂයේ අසුන් ගන්නා බවත්ය.
කෙසේවෙතත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇතැම් ඇමතිවරුන් විපක්ෂයට එකතු වීම සම්බන්ධව ඒකාබද්ධ විපක්ෂයේ ඇතැම් මන්ත්‍රීවරුන්ගේ ප්‍රසාදයක් නොමැති බවද වාර්තා වේ.
ඉදිරි මහ මැතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යටතේ තරඟ කිරීමට සුදානමින් සිටින ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ ජන්ද පදනමට එය බලපෑමක් විය හැකි බව ඔවුන් පෙන්වා දී තිබේ.
පසුගිය පළාත් පාලන මැතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජයග්‍රහණය කළ ආසනවලට නායකත්වය දුන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් මෙන්ම පළාත් සභා මන්ත්‍රීවරුන්ද මෙම ස්ථාවරයේ සිටින බවද දැනගන්නට ලැබේ.

«
Next
Newer Post
»
Previous
Older Post

No comments:

Leave a Reply