Theme images by kelvinjay. Powered by Blogger.

Slider

Recent Video

Recent News

Politics News

Foreign

Entertainment

Business News

Technology

» » » » » මාස 7දී නෙදර්ලන්තයට ගිය නදීකා වසර 27කට පසු මව සොයා ලංකාවට එයි - PHOTOS


වයස මාස 7 දී නෙදර්ලන්ත මවක් විසින් දරුකමට හදාවඩා ගැනීම සඳහා රැගෙන ගිය දැරියක් ලොකු මහත්වීමෙන් පසු ඇයට සිය සැබෑ මවුපියන් මුණගැස්වීම සඳහා එම නෙදර්ලන්ත මව තමන්ගේ දියණියද සමඟ පසුගියදා ලංකාවට පැමිණියා.
ඒ අනුව ආර්.එම්.දේශප්‍රිය නමැති හොරණ ගෝවින්න ප්‍රදේශයේ පදිංචි සංචාරක මග පෙන්වන්නෙකු සමඟ දියණියගේ සැබෑ මව පදිංචිව සිටින ගාල්ල තවලම ප්‍රදේශයට පැමිණීමෙන් අනතුරුව දියණියට තම සැබෑ මව් පියන් දැක ගැනීමේ භාග්‍ය උදා වී තිබෙනවා.
රත්නායක මුදියන්සේලාගේ නදීකා ලෙස ලංකාවේදී හැඳින්වුනු ඇය නෙස්ටමාන් නදීකා යන නම වර්තමානයේදී භාවිතා කරන අතර ඇයට තම සැබෑ මව දකින්නට ලැබුනේ වසර විසි හතරකට පසුවයි.
නදීකාගේ නෙදර්ලන්ත මව එරට කුඩා වෛද්‍ය රසායනාගාරයක් පවත්වාගෙන යන අතර ඇයට දරුවන් නොමැති වීම නිසා මෙම දැරිය රැගෙන ගොස් හදාවඩා ගෙන තිබෙනවා.
මේ වන විටි විසිහතරවන වියේ පසුවන සුරූපී යුවතියක් වන නදීකා පාසල් අධ්‍යාපනයෙන් පසුව හෝටල් කළමනාකරණ ක්ෂේස්ත්‍රෙය් රැකියාවක නිරතවනවා. කෙසේ වෙතත් නදීකාට සිංහල භාෂාව හැසිරවීමට නොහැකි අතර තමාගේම සංචාරක හෝටලයක් ආරම්භ කිරීම ඇයගේ අපේක්ෂාව බවයි සඳහන් කරන්නේ.
දැරියට සැබෑ මව්පියන් හමුවූ මොහොත ඉතා හැඟුම්බර අවස්ථාක් වූ අතර එහිදී දැරියගේ පියා මෙලෙස ප්‍රකාශ කර තිබුණා.
‘‘මට කියන්න බැරි තරම් සතුටුයි. පවුලේ තිබුණු ආර්ථික තත්වය නිසයි නීත්‍යාණුකූලව මේ දරුවා දුන්නෙ. දරුවාගේ උපන් දිනයට හැමදාම එයාගෙ පිංතූරයක් එක්ක මට ලියුමක් එවනවා. ඉංග්‍රීසි දන්නා කෙනෙකුගෙන් තමයි මම ඒකෙ අදහස දැනගන්නෙ. මාව බලන්න එනවා කියලා හැම ලියුමකම වගේ තිබුණා.දරුවා අරන් යන වෙලාවෙ නෙදර්ලන්ත මව මට කිවුවා දුව ලොකු වුනාම අපි බලන්න එක්කගෙන එනවා කියලා.‘‘

«
Next
Newer Post
»
Previous
Older Post

No comments:

Leave a Reply