Theme images by kelvinjay. Powered by Blogger.

Slider

Recent Video

Recent News

Politics News

Foreign

Entertainment

Business News

Technology

» » » » මැතිවරණයෙන් මහින්දට 40 % යි සභාගයට 42 යි....


පසුගිය පළාත් පාලන මැතිවරණෙය්දි පොදුජන පෙරමුණ ලබා ගත් ජාතික ඡන්ද ‍ප්‍රතිශතය 40.66% ක් බව අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.
පොහොට්ටුව ලකුණ යටතේ තරඟ කළ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මෙවර පළාත් පාලන මැතිවරණයේ දී ලබා ගත් ඡන්ද ප්‍රතිඵල වශයෙන් මාධ්‍ය ආයතන විසින් ප්‍රකාශයට පත් කළ ජාතික ප්‍රතිශත වැරදි බව හෙතෙම පෙන්වා දෙයි.
බොහෝ මාධ්‍ය ආයතන ජාතික ප‍්‍රතිශත ගණනයේදී සළකා බලා ඇත්තේ මූලික පක්ෂ කීපයක් (ශ‍්‍රි.පො.ජ.පෙ, එ.ජා.පෙ, ශ‍්‍රි.ල.නි.ප + එ.ජ.නි.ස, ජ.වි.පෙ, දෙමළ සන්ධානය ආදිය) ලබාගත් ඡන්ද 11,069,417 සියළු වලංගු ඡන්ද ලෙස ගණන්ගැනීමෙන් බව ඇමතිවරයා පවසයි.
නමුත් සෙසු පක්ෂ හා ස්වාධින කණ්ඩායම් සියල්ලේ වලංගු ඡන්ද ප‍්‍රමාණය ද සමඟ සියළු වලංගු ඡන්ද ප‍්‍රමාණය 12,214,901ක් තරම් බව අමාත්‍යවරය කියයි.
ඒ අනුව ඒ ඒ පක්ෂවල ජාතික ඡන්ද ප‍්‍රතිශතය මතු දැක්වෙන අයුරින් වෙනස් විය යුතු බව ඇමතිවරයා පවසයි.
පොහොට්ටුවේ සැබෑ ජාතික ප‍්‍රතිශතය : 40.66%
(මාධ්‍ය ආයතනවලට අනුව : 44.65%)
එජාපයේ ජාතික ප්‍රතිශතය : 29.40%
(මාධ්‍ය ආයතනවලට අනුව : 32.63%)
ශ‍්‍රිලනිප + එජනිස ප‍්‍රතිශතය : 12.38%
(මාධ්‍ය ආයතනවලට අනුව : 13.38%)
ජවිපෙ ප‍්‍රතිශතය : 5.8%
(මාධ්‍ය ආයතනවලට අනුව : 6.27%)
ඒ අනුව ආණ්ඩු හැදීමට කතා කරනා මහින්ද රාජපක්ෂ මහතාට ලැබී ඇත්තේ 40%ක සමස්ථ ඡන්ද ප්‍රතිශතයක් පමණක් බවත් එජාප හා ජනාධිපතිතුමාගේ ශ‍්‍රිලනිපය සහිත ජාතික සභාග ආණ්ඩුවට අයත් පක්ෂවලට 42%ක් ලැබී ඇති බවත අමාත්‍යවරයා පෙන්වා දෙයි.

«
Next
Newer Post
»
Previous
Older Post

No comments:

Leave a Reply