Theme images by kelvinjay. Powered by Blogger.

Slider

Recent Video

Recent News

Politics News

Foreign

Entertainment

Business News

Technology

» » » » දේශීය කුකුලු ගොවිපළ හිමියා අනාථයි... බදියුර්දීන් බිත්තර ලක්ෂ 27ක් ආනයනයට සූදානම්?



සිංහල හින්දු අලුත් අවුරුදු සමයේදී අලෙවි කිරීම සඳහා බිත්තර ලක්ෂ 27ක් විදේශ රටවලින් ආනයනය කිරීමට කර්මාන්ත සහ වාණිජ කටයුතු අමාත්‍යංශය සූදානම් වන බව වාර්තා වේ.

ඉන්දියාව, තායිලන්තය, ඇතුලු බිත්තර නිශ්පාදනය කරන ආසියානු රටවල් කිහිපයක් කෙරෙහි අවධානය යොමුවී ඇතැයිද එම අමාත්‍යංශ ආරංචි මාර්ග සඳහන් කරයි. 


පෞද්ගලික ව්‍යාපාරිකයින් කිහිප දෙනෙකු සම්බන්ධ කරගෙන මෙලෙස බිත්තර ගෙන්වීමට සැලසුම් කර ඇතැයි ද වාර්තා වේ. 

මේ වනවිට රටතුල බිත්තර අතිරික්තයක් තිබියදී විදේශ රටවලින් බිත්තර ගෙන්වීමට කර්මාන්ත සහ වාණිජ කටයුතු අමාත්‍යංශය උත්සාහ ගැනීම සම්බන්ධයෙන් මෙරට බිත්තර නිශ්පාදකයින්ගේ විරෝධය පළවී තිබේ. 

බිත්තර ආනයනය කිරීමට අමාත්‍යංශය ගත් තීරණය වහාම ඉවත් කරගත යුතු බවත්, එසේ නොවුනහොත් ඉදිරියේදී උද්ගෝෂණ ක්‍රියාමාර්ග වලට පිවිසීමට සිදුවන බවත් බිත්තර නිශ්පාදකයෝ සඳහන් කරයි.

- අද පුවත්පත 2018.03.12

«
Next
Newer Post
»
Previous
Older Post

No comments:

Leave a Reply