container කිලෝ ලක්ෂ 25ක ඉස්සන් කුණුකොල්ලෙට! කඩිනම් විසඳුමක් ලබාදෙනවා - ධීවර ඇමති - <br>
Theme images by kelvinjay. Powered by Blogger.

Slider

Recent Video

Recent News

Politics News

Foreign

Entertainment

Business News

Technology

» » » » කිලෝ ලක්ෂ 25ක ඉස්සන් කුණුකොල්ලෙට! කඩිනම් විසඳුමක් ලබාදෙනවා - ධීවර ඇමති


අපනයනය සඳහා වගා කරන ලද ඉස්සන් ටොන් 2,500ක් (කිලෝග්‍රෑම් ලක්ෂ 25) විකුණාගත නොහැකි වී ඇතැයි ශ්‍රී ලංකා ජලජීවී වගා සංවර්ධන සන්ධානය සඳහන් කරයි.

ශ්‍රී ලංකාවේ ඉස්සන් කර්මාන්තය බහුල වශයෙන් සිදු කරන පුත්තලම දිස්ත්‍රික්කයේ බංගදෙනියේ සිට මදුරන්කුලිය දක්වා ප්‍රදේශවල පිහිටි ඉස්සන් පොකුණු 1,600කට ආසන්න ප්‍රමාණයක නිෂ්පාදනය වූ ඉස්සන් මෙලෙස විකුණාගත නොහැකි වී තිබේ. මේ හේතුවෙන් අපනයනය සඳහා ඉස්සන් වගා කිරීමේ නිරත  වූ ගොවීන්ට ගැටලු රැසකට  මුහුණදීමට සිදු වී ඇත. ඉන් ප්‍රධාන වන්නේ බැංකු ණය ගෙවාගැනීමට නොහැකි තත්ත්වයක් උදා වී තිබීමය.


ඉස්සන් මිල පහළ බැස තිබීම මේ තත්ත්වයට හේතු වී ඇති බව මේ සම්බන්ධයෙන් අප කළ විමසීමකදී ශ්‍රී ලංකා ජලජීවී වගා සංවර්ධන සන්ධානයේ උප ලේකම් නිමල් පතිරණ මහතා පැවසීය. ග්‍රෑම් විසිපහත්-තිහත් අතර ඉස්සන්  වැඩී තිබෙන පොකුණු 250ක ඉස්සන් ටොන් 500ක්ද,  ග්‍රෑම් විස්සත්-විසිපහත් අතර ඉස්සන් වැඩී තිබෙන පොකුණු 500ක ඉස්සන් ටොන් 375ක්ද, ඉදිරි දින කීපය තුළ ඉස්සන් වැඩෙන පොකුණු 1,000ක ඉස්සන් ටොන් 1,600ක් පමණද මීට අයත් වන බව නිමල් පතිරණ මහතා වැඩිදුරටත් පැවසීය.


රුපියල් 1,250ක්ව පැවති ග්‍රෑම් විසිපහේ ඉස්සන් කිලෝවක මිල රුපියල් 800 දක්වා මේ වන විට පහත බැස තිබෙන බවද හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය. අපනයනය සඳහා ඉස්සන් මිලදී ගන්නා ආයතන ඉතා අල්ප ප්‍රමාණයක් පැවතීම හා රජය පූර්ණ වශයෙන් මේ සඳහා මැදිහත් නොවීම මේ මිල පහළ යෑමට ප්‍රධාන හේතුව වී ඇති බව  ඉස්සන් වගාකරුවකු වන ක්‍රිෂාන් ජාන්ස් මහතා මේ  පිළිබඳව අදහස් දක්වමින් පැවසීය.


මේ පිළිබඳ කළ විමසීමකදී ධීවර ඇමැති මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කළේ ජාත්‍යන්තර වෙළෙඳපොළේ ඉස්සන් මිලේ අඩුවක් දක්නට නොලැබෙන බවයි. කෙසේ වෙතත් මේ ගැටලුව පිළිබඳව තමන් දැනුවත් වී ඇති බවත්, ඉස්සන් අපනයනකරුවන් හා ව්‍යාපාරිකයන් සමග සාකච්ඡා කර කඩිනම් විසඳුමක් ලබාදීමට තමන් මැදිහත් වන බවත් ඇමැතිවරයා පැවසීය.

«
Next
Newer Post
»
Previous
Older Post

No comments:

Leave a Reply