Theme images by kelvinjay. Powered by Blogger.

Slider

Recent Video

Recent News

Politics News

Foreign

Entertainment

Business News

Technology

» » » » » සුනඛ කුසගිනි නිවන මිතුරා... (VIDEO)

මිනිසා සහ සුනඛයා අතර පවතින මිතුදම මානව ඉතිහාසයේ ඈතට දිව යන්නකි.
එසේ වූ මිනිසාගේ හොඳම මිතුරා වෙනුවෙන් කැපවුණු ශ්‍රී ලාංකිකයෙකු පිළිබඳ බත්තරමුල්ල පැලවත්ත ප්‍රදේශයෙන් වාර්තා වේ.
සුනඛයන් වෙනුවෙන් කැප වුණු නිහාල් ද සිල්වා අතින් කුසගිනි නිවා ගනු ලබන සුනඛයන් සංඛ්‍යාව 120 -150 අතර වෙති.
පැලවත්ත, කොස්වත්ත, පාර්ලිමේන්තු ක්‍රීඩාංගනය, බත්තරමුල්ල සහ මාලඹේ යන ප්‍රදේශවල සැරිසරන සුනඛයන් වෙත ඔහු දිනපතා ආහාර සපයයි.
අදාළ කාලය තුළ දී තමන්ට එම කාර්යය ඉටුකළ නොහැකි වූයේ අවස්ථා හයක දී පමණක් බව ඔහු සිහිපත් කළේය.නිහාල් ද සිල්වා පවසන පරිදි ඔහු සුනඛයන් වෙත ආහාර සැපයීම ආරම්භ කර ඇත්තේ මීට වසර දහඅටකට ඉහතදීය.
සහල්, කුකුළු මස්, පීකුදු සහ සත්ව ආහාර යොදා ගනිමින් සුනඛයන්ට ආහාර පිසීම සඳහා දිනකට රුපියල් 6,000 ක් වැය වන බව කී ඔහු උදෑසන 7 වන විට ආහාර පිසීම ආරම්භ කරයි.
"හෝන් එක ගහනකොට ඒගොල්ලෝ දන්නවා මම ඇවිත් ඉන්න බව. ඒගොල්ලෝ දෙන කෑම එක කනවා මිසක් විවේචනය කරන්නේ නැහැ, අඩුපාඩු හොයන්නෙත් නැහැ. හැබැයි මම දෙන කෑම එකත් හොඳටම දෙනවා" යනුවෙන් නිහාල් ද සිල්වා කියා සිටියේය.
ඉන් අනතුරුව දහවල් 1.30 ට පමණ ආහාර බෙදා දීම ආරම්භ කරන ඔහු රාත්‍රී 8 පමණ වන තෙක් එම කටයුත්තේ නියැලෙයි.
කලක් විදෙස්ගතව සිටි නිහාල් යළි සියරට පැමිණීමෙන් අනතුරුව සිය ජීවිතයම සුනඛයන් වෙනුවෙන් කැප කර තිබේ.

සුනඛයන් වෙනුවෙන් කැප වූ නිහාල්

«
Next
Newer Post
»
Previous
Older Post

No comments:

Leave a Reply