Theme images by kelvinjay. Powered by Blogger.

Slider

Recent Video

Recent News

Politics News

Foreign

Entertainment

Business News

Technology

» » » » මැතිවරණේ දෙවන බිල්ල වරකාපොලෙන් - අපේක්‍ෂකයාගේ ජය පැන් සාදය අතර උසස් පෙළ දමිත් මෙලොවින් සමුගනී. (PHOTOS)




පරිසරයේ සිරිය මිනිස්‌ ජීවිත තුළ විඩාව, මහන්සිය මගහරින සොභාවික සම්පතකි. එහෙත් එම සොබාසිරි රිසිය විඳීමට ගොස්‌ අකාලයේ මිලාන වන තරුණ ජීවිත මිනිස්‌ සමාජයට බරපතළ පාඩුවකි.
පිංදෙනිය පොලිස්‌ වසමට අයත් වරකාපොල ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාසයේ පැල්පිට ගම්මානයේ පිහිටි මානැල්ල ඇල්ල නම් දියඇල්ල පසුගියදා (14 දා) තවත් තරුණ ජීවිතයක්‌ බිලිගෙන තිබුණේ වරකාපොල පලමුරේ ගම්මානයට කඳුළක්‌ එක්‌ කරමිනි.
මියගොස්‌ තිබුණේ වරකාපොල පලමුරේ උඩහකොටුව ලිපිනයේ පදිංචි ගලපිටමඩ වළගම්බා මධ්‍ය මහා විද්‍යාලයේ 13 ශ්‍රේණියේ කලා අංශයේ ඉගෙනීම ලැබූ දමිත් ඉසුරංග විඡේරත්න නම් 19 හැවිරිදි යෞවනයෙකි.මානැල්ලඇල්ල කෑගල්ල දිසාවේ වරකාපොල ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාසයට අයත් වේරගොඩ ග්‍රාම නිලධාරී වසමේ පැල්පිට ගම්මානයේ පිහිටි ස්‌වභාවික දිය ඇල්ලකි.
මෙම ස්‌ථානයට තරුණයන් 16 දෙනකු පැමිණ ඇත්තේ ගතවූ පළාත් පාලන මැතිවරණයේ ජයග්‍රහණය ලැබූ අපේක්‍ෂකයකුගේ ජය පැන් සාදයකට බව අනාවරණය වූයේ මරණයට පත්වූ තරුණයාගේ හදිසි මරණය වෙනුවෙන් පැවැති හදිසි මරණ පරීක්‍ෂණයේදීය.
කෑගල්ල මහ රෝහලේ අධිකරණ වෛද්‍ය සංකීර්ණයේදී නෙළුම්දෙණිය ඕතරපත්තුව හදිසි මරණ පරීක්‍ෂක සාමවිනිසුරු ඩබ්ලිව්. ඒ. නන්දසේන මහතා ඉදිරියේදී සාක්‍ෂි ලබාදුන් සිද්ධිය ඇසින් දුටු 16 හැවිරිදි සාක්‍ෂිකරුවෙක්‌ සිද්ධිය විස්‌තර කළේ මෙලෙසිනි.
මියගිය දමිත් සමග අපි 16 දෙනෙක්‌ යතුරුපැදි තුනකින් හා ත්‍රීරෝද රථයකින් මානැල්ල ඇල්ල ළඟට ආවා. කෑම බීම, මත්පැන් හා සිගරට්‌ ද රැගෙන විත් තිබුණා. අපි හතර දෙනෙක්‌ මානැල්ල ඇල්ල ළඟ සිටියදී අනිත් අය පල්ලේ දිය වළ ළඟ සිටියා. මමත් මියගිය දමිතුත් මෙගොඩ සිට සෙල්ෆි ගැහුවා. ඇල්ලෙන් එගොඩ සිටින දෙදෙනා අපි දෙන්නට එතනට එන්න කියල අඬ ගැසුවා. මියගිය දමිත් එක පාරටම වළට පැන්නා. ඊට පස්‌සේ මමත් පැන්නා. දමිත් වගේම මමත් දිය යටට ගියා. මම යට යන බව දැක්‌ක තව දෙන්නෙක්‌ මාව උඩට ගෙනාවා. ඊට පස්‌සේ අපි දමිත්ව හෙව්වා. හොයාගන්න බැරි වුණා. ඒ වළ අඩි 15 ක්‌ විතර ගැඹුරුයි. අපි සේරමලා කෑ ගැසුවා. අසල්වාසීන් ඇවිත් දමිත්ව ගොඩට ගෙනාව. ඔහුට කතා කරන්න බැරිව හිටියා. ඔහු රෝහලට ගෙන ගියා.
රෝහල් පරිශ්‍රයද කඳුළකට පත් කරමින් හඬා වැටුණු මියගිය දමිත් ඉසුරංගගේ මව මෙසේ කීවාය.
අම්මේ මම උසස්‌ පෙළ විභාගය ලියල පාස්‌වෙලා විශ්වවිද්‍යාලයට ගිහිල්ලා ලොකු රස්‌සාවකට ගිහින් අම්මල වැටිලා ඉන්න දුප්පත්කමින් ගොඩ ගන්නවා කියමින් ගිය මාසේ කීවා. මගේ චූටි පුතා පළාත් පාලන මැතිවරණයට ඡන්දය ඉල්ලපු පුතෙකුට නිතර උදව්වට ගියා. පෝස්‌ටර් අලවන්න යද්දීත් මම කීවා යන්න එපා පොලිසියෙන් අල්ලා ගනිවී කියලා. නෑ අම්මේ මම ඉක්‌මනට පරිස්‌සම් වෙලා එනව කියල ගෙදරින් යනවා.
කිතලගමුව කනිටු විදුහලෙන් 2015 වසරේ අ.පො.ස. (සාමාන්‍ය පෙළ) විභාගයට පෙනී සිටි මොහු විෂයන් නවයට සම්මාන අටක්‌ හිමිකරගෙන ගලපිටමඩ මධ්‍ය මහා විද්‍යාලයට ගියා. එයා පවුලේ බාලයා. ඔහුට අයියෙක්‌ සහ අක්‌කෙක්‌ සිටිනවා.
අපි එදිනෙදා වැඩක යෙදිලයි දරුවෝ තුන් දෙනෙක්‌ හැදුවේ. සිද්ධිය වූ දිනයේ ඔහු පාසල් ඇඳුම් ටික හෝදන වේලාවේ ඡන්දය ඉල්ලපු පුතා බයිසිකලයකින් ගෙදරට ආවා. මළ ගෙදරක යනවා කියල දෙතුන් පාරක්‌ අත වනලා ඔහු එම යතුරුපැදියෙන් ගෙදරින් ගියා යෑයි හඬ අතරින් අපට අසන්නට ලැබුණි.
කෑගල්ල මහ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය රමේෂ් අලගියවන්න මහතාගේ පශ්චාත් මරණ පරීක්‍ෂණ වාර්තාව හා පිංදෙනිය පොලිසියේ පො.සැ. (48381) ධර්මප්‍රිය මහතාගේ සාක්‍ෂි මෙහෙයවීම මත ලබාදුන් සාක්‍ෂි ඇසුරින් මෙම මරණය දියේ ගිලීමෙන් සිදුවූ හදිසි මරණයක්‌ බවට ඕතරපත්තුව හදිසි මරණ පරීක්‍ෂක සාම විනිසුරු ඩබ්ලිව්.ඒ. නන්දසේන මහතා විසින් නිගමනය කර තිබුණි.

«
Next
Newer Post
»
Previous
Older Post

No comments:

Leave a Reply