container අන්තර්ජාලයේ තරුවක් වෙන්න යුද ටැංකියක් හැදු තරුණයාට වෙච්චි දේ.... (PHOTOS) - <br>
Theme images by kelvinjay. Powered by Blogger.

Slider

Recent Video

Recent News

Politics News

Foreign

Entertainment

Business News

Technology

» » » » අන්තර්ජාලයේ තරුවක් වෙන්න යුද ටැංකියක් හැදු තරුණයාට වෙච්චි දේ.... (PHOTOS)


භාවිතයෙන් ඈත් කර තිබු ට්‍රක් රථයක් යුද ටැංකියක් බවට පරිවර්තනය කිරීම හේතුවෙන් පුද්ගලයෙකුට සිය රියදුරු බලපත්‍රය අහිමිවීම පිළිබඳව චීනයෙන් වාර්තා වේ.
දකුණු දිග ගුවාංෂී පළාතේ ලයිබින් නගරයේ වෙසෙන හුවාංග් නම් වාසගමක් සහිත එම පුද්ගලයා සිය පැරණි රථය වෙනස් කිරීම සඳහා මාස දෙකක කාලයක් ගතකර ඇති බව චීනයේ CCTV News පුවත් සේවය පැවසීය. ට්‍රක් රියේ හැඩය වෙනස් කිරීමෙන් නොනැවතී ඊට යුද ටැංකියක මෙන් වෙඩි බටයක් සහ රාඩාර් සංඥා තැටියක් ඔහු විසින් සවි කරනු ලැබුවේ සිය කාර්මික දක්ෂතාව හේතුවෙන් අන්තර්ජාලය තුළ තරුවක් වීමේ අපේක්ෂාවෙනි.
ඊට හමුදා වෙස් ගැන්වීම් (camouflage) පින්තාරුවක් ද කළ ඔහු එය සමාජ මාධ්‍ය ජාල හරහා සිය මිතුරන් වෙත යැවුව ද, එය බලධාරීන්ගේ අවධානය ද ලබාගෙන තිබේ. ජනවාරි 22 වෙනිදා සිය රථය මාර්ගයට ප්‍රවිෂ්ට කිරීමට යාමේදී පොලිසිය නිරීක්ෂණය කළ බව CCTV News පුවත් සේවය සඳහන් කළේය.,
පෙබරවාරි 1 වෙනිදා පළවූ වාර්තාවල දැක්වෙන පරිදි එම රියදුරාට යුවාන් 1,750ක (ඩොලර් 278) දඩයක් නියම කර ඔහුගේ රියදුරු බලපත්‍රය අවලංගු කර ඇත.

«
Next
Newer Post
»
Previous
Older Post

No comments:

Leave a Reply