Theme images by kelvinjay. Powered by Blogger.

Slider

Recent Video

Recent News

Politics News

Foreign

Entertainment

Business News

Technology

» » » » » තම බිරිඳ සහ ඇයගේ අනියම් සැමියා කපා කොටා ඝාතනය කළ සැකකරු අත්අඩංගුවට (Photos)


මාරවිල කුරුස පල්ලිය ප්‍රදේශයේදී තම බිරිඳ සහ ඇයගේ අනියම් සැමියා කපා කොටා ඝාතනය කිරීමට අදාළ සැකකරු පසුගිය 26 වනදා මාරවිල පොලීසිය විසින් අත්අඩංගුවට ගැනුණා.
පසුගිය 20 වැනිදා සිදුවූ මෙම සිදුවීමෙන් බරපතල කැපුම් තුවාල සහිතව මාරවිල මූලික රෝහලට ඇතුළත් අදාල කාන්තාව සහ පුද්ගලයා කොළඹ ජාතික රෝහල වෙත මාරුකර යවනු ලැබුවා.
එහි ප්‍රතිකාර ලබමින් සිටි 39 හැවිරිදි කාන්තාව පසුගිය 21 වනදා අළුයම මිය ගොස් ඇති අතර ඇයගේ අනියම් සැමියා බව කියන 42 හැවිරිදි පුද්ගලයා පසුගිය 26 වන දින මියගොස් තිබෙනවා. 
සිද්ධියෙන් මිය ගොස් ඇති කාන්තාව දැරියන් තිදෙනෙකුගේ මවක් වන අතර ඇයගේ පළමු සැමියා මීට පෙර මියගොස් ඇති බවත්, සැමියා මිය යාමෙන් පසුව ඇය ඝතනයන්ට සම්බන්ධ බව කියන සැකකරු සමඟ පවුල් ජීවිතයක් ආරම්භ කර ඇති බවත්, පසුව අදාල කාන්තාව සැකකරුගෙන් වෙන්වී තනිවම ජීවත් වී ඇත අතර එහිදී ඇය එම ප්‍රදේශයේම පදිංචිව සිටි ඝාතනයට ලක්වූ පුද්ගලයා  සමඟ අනියම් ඇසුරක් ආරම්භ කර ඇති බවත් තොරතුරු අනාවරණය වූ බව පොලිසිය සඳහන් කළා.
පසුගිය 20 වැනිදා රාත්‍රීයේ අනියම් සැමියා සමඟ නිවසේ රැඳී සිටින අවස්ථාවක නිවසට පැමිණ ඇති සැකකරු කාන්තාවට සහ ඇයගේ අනියම් සැමියාට තියුණු ආයුධයකින් පහර දී බරපතල තුවාල සිදුකර පලාගොස් තිබුණා.
සැකකරු කරණවෑමියෙක් ලෙස සේවය කරමින් සිට පුද්ගලයෙක් වන අතර ඔහු කොළඹ සහ කතරගම යන ප්‍රදේශවල රැදී සිටින බවට පොලීසියට තොරතුරු ලැබී තිබූ බවයි වාර්තා වන්නේ.

«
Next
Newer Post
»
Previous
Older Post

No comments:

Leave a Reply