container BREAKING NEWS : සාගල රත්නායක ඇමතිකමින් ඉල්ලා අස්වෙයි! - <br>
Theme images by kelvinjay. Powered by Blogger.

Slider

Recent Video

Recent News

Politics News

Foreign

Entertainment

Business News

Technology

» » » BREAKING NEWS : සාගල රත්නායක ඇමතිකමින් ඉල්ලා අස්වෙයි!



දක්ෂිණ සංවර්ධන, නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය, අග්‍රාමාත්‍ය කාර්‍ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා සිය නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යධූරයෙන් ඉල්ලා අස්වී ඇතැයි වාර්තා වේ. 

ඒ පිළිබඳව සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබන ඒ මහතා :

"නීතිය සහ සාමය භාර අමාත්‍යවරයා වශයෙන් කටයුතු කිරීමට මගේ බලාපොරොත්තුවක් නැති බව පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායමට මීට සුළු මොහොතකට පෙර දැනුම් දුන්නා. එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් ඕනෑම තනතුරක් පරිත්‍යාග කිරීමට මා පසුබට නොවන අතර පක්ෂයේ යහපත වෙනුවෙන් මට කළ හැකි උපරිමය කිරීමට සූදානම් බවත් අග්‍රාමාත්‍යතුමාට අද උදෑසන දැනුම් දුන්නා. මෙය මේ මොහොතේ පක්ෂය ශක්තිමත් කිරීම සඳහා මා විසින් ගනු ලබන පුද්ගලික තීරණයක් වන අතර පක්ෂයට මගේ ඇති පක්ෂපාතිත්වය එලෙසම ශක්තිමත්ව පවතින බවත්, පක්ෂ නායකත්වය විසින් ලබා දෙන ජනතාවට සේවය කළ හැකි වෙනත් ඕනෑම වගකීමක් නොපිරිහෙලා ඉටු කිරීමට සුදානම් බවත් මා වැඩිදුරටත් මන්ත්‍රී කණ්ඩායමට දැනුම් දුන්නා." යනුවෙන් ප්‍රකාශ කර තිබේ.



«
Next
Newer Post
»
Previous
Older Post

No comments:

Leave a Reply