Theme images by kelvinjay. Powered by Blogger.

Slider

Recent Video

Recent News

Politics News

Foreign

Entertainment

Business News

Technology

» » » » නීතිය හා සාමය අමාත්‍යංශය සරත් ෆොන්සේකාට ලබා දිය යුතු බව දඹර අමිල හිමි පවසයි....


නීතිය හා සාමය අමාත්‍යාංශය පවරා දිය හැකි විශිෂ්ටතම පුද්ගලයා ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා වන බවට ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය පූජ්‍ය දඹර අමිල හිමියෝ පෙන්වා දෙති.
මරදාන පිහිටි සී.එස්.ආර්. ශාලාවේදී පැවැති මාධ්‍ය හමුවකට ඊයේ (15දා) පස්වරුවේ එක්වෙමින් උන්වහන්සේ පෙන්වා දුන්නේ පෙර පරිදි සුදුවෑන් පිටත් නොකළද, වත්මන් ආණ්ඩුව යටතේ හොරු ඇල්ලීමේ කටයුතු මෙහෙයවන ප්‍රධානීන්ට එරෙහිව මහින්ද රාජපක්ෂ පාර්ශ්වය විසින් මුදල් යොදවා කුමන්ත්‍රණ දියත් කරමින් සිටින බවයි.
ඒ අනුව ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවාහය තුළ කළ නොහැකි දේ පවා අනුගමනය කරමින් රට තුළ මහජන ශික්ෂණය ස්ථාපිත කිරීමට ශක්තිමත්, නිර්භය නායකත්වයක් අවශ්‍යව ඇති බවත්, එම තනතුර සඳහා වඩාත් යෝග්‍යතම පුද්ගලයා සරත් ෆොන්සේකා මහතා වන බවත් අමිල හිමියෝ එහිදී පෙන්වා දුන්හ.

«
Next
Newer Post
»
Previous
Older Post

No comments:

Leave a Reply