Theme images by kelvinjay. Powered by Blogger.

Slider

Recent Video

Recent News

Politics News

Foreign

Entertainment

Business News

Technology

» » » » අගමැතිගේ ආර්ථික කළමනාකරණ කමිටුවෙන් වැඩක් නෑ. අද සිට එය අහෝසියි! - ජනපති





අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් ආර්ථික කළමනාකරණ කමිටුව අහෝසි කරන්නැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ (27)  පැවති කැබිනට් රැස්වීමේදී ප්‍රකාශ කර ඇතැයි රජයේ ආරංචිමාර්ග සදහන් කරයි.

ගතවූ කාල සීමාව තුලදී එම ආර්ථික කමිටුවෙන් කිසිවක් ක්‍රියාත්මක වී නැති බවද ජනාධිපතිවරයා එහිදී ප්‍රකාශ කලේ යයි එම ආරංචිමාර්ග සඳහන් කරයි. 

ෆොක්ස්වැගන් මෝටර් රථ නිශ්පාදන කම්හල සහ හොරණ ටයර් කම්හල ආදිය ගැන පසුගිය කාලයේ කීවද ඒවා රට නොමඟ යවන සුලු ප්‍රකාශ පමණක්වී යැයිද ජනාධිපතිවරයා කී බව වාර්තා වේ.

ජර්මනිය, කටාර් රාජ්‍යය සහ ඉන්දියාව ආදී රටවලින් ආයෝජකයින් ඉදිරිපත් වුවද එම ආයෝජන ඇද ගැනීමට ආර්ථික කළමනාකරන කමිටුව සමත් නොවූ බවද ජනාධිපතිවරයා ප්‍රකාශ කලේ යැයි රජයේ ආරංචිමාර්ග වලින් පැවසේ.

මෙම තත්වය තුල ආර්ථික කළමනාකරන කමිටුව තවදුරටත් පවත්වාගෙන යෑමේ තේරුමක් නැතැයිද අවශ්‍ය නම් කැබිනට් මණ්ඩලය මගින්ම කමිටු පත් කර අදාළ යෝජනා ක්‍රියාත්මක කළ හැකි යැයිද ජනාධිපතිවරයා ප්‍රකාශ කලේ යැයි වාර්තා වේ. 

මේ සම්බන්ධයෙන් අදහස් දක්වා ඇති අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ආර්ථික කළමනාකරණ කමිටුව පසුගිය කාලයේ වැදගත් තීන්දු රැසක් ගත් බවත් ඒවා ක්‍රියාත්මක කර ඇති බවත් පවසා ඇතැයි දැනගන්නට ලැබේ. 

අගමැතිවරයාගේ අදහස් අනුමත කරමින් මලික් සමරවික්‍රම හා මංගල සමරවීර යන ඇමතිවරුන්ද අදහස් දක්වා ඇතැයි වාර්තා වේ. 

සෞඛ්‍ය ඇමති රාජිත සේනාරත්න මහතා අදහස් දක්වමින් සෞඛ්‍ය අමාත්‍යංශය සඳහා ලැබූ ආයෝජන ව්‍යාපෘති කිහිපයක්ද මෙම ආර්ථික කමිටුව නිසා වසර එක හමාරකට වැඩි කාලයක් තිස්සේ ප්‍රමාද වූ බව පවසා ඇතැයි දැනගන්නට ලැබේ. 

ආර්ථික කළමනාකරන කමිටුව සම්බන්ධයෙන් අදහස් හුවමාරු වෙද්දී අදහස් දැක්වූ ඇමති පාඨලී චම්පික රණවක මහතා දැන් ප්‍රතිපත්ති ගැන කතා කර පලක් නොමැති බවත් දැන් අවශ්‍ය මාස 18ක ක්‍රියාකාරී වැඩපිළිවෙලක් කඩිනමින් ක්‍රියාවට නැංවීම බවත් ප්‍රකාශ කලේ යැයි වාර්තා වේ.

තවත් මාස කිහිපයකින් පළාත් සභා මැතිවරණයද තව මාස 18කින් ජනාධිපතිවරණයද පැවැත්වීමට නියමිතව ඇති බැවින් කැබිනට් මණ්ඩලය මගින් හෝ වැඩපිළිවෙලක් සකසා ක්‍රියාත්මක කල යුතු යැයිද ඇමති චම්පික රණවක මහතා ප්‍රකාශ කර ඇත.

මිනිසුන්ට මේ මොහොතේ අවශ්‍ය ජලය සහ පොහොර ආදිය බවද ඇමති රණවක මහතා කැබිනට් රැස්වීමේදී ප්‍රකාශ කල බව වාර්තා වේ. 

උපුටාගැනීම - ලංකාදීප පුවත්පත  

«
Next
Newer Post
»
Previous
Older Post

No comments:

Leave a Reply