Theme images by kelvinjay. Powered by Blogger.

Slider

Recent Video

Recent News

Politics News

Foreign

Entertainment

Business News

Technology

» » » » » වැලන්ටයින් දවසේ රූම් ගිහින් ගත්ත ෆොටෝස් නිසා වුනු හදියක් මෙන්න.....


Facebook එක ගැන අලුතින් කියන්න දෙයක් නෑනේ.අපේ කොල්ලෝ කෙල්ලෝ ගොඩ දෙනෙක් ආදරේ කරන්න කෙනෙක් හොයන්න බලන්නේ මේකෙන්
ඔය විදියට Facebook එක හරහා ළාබාල තරුණියක් සමඟ ප්රේම සම්බන්ධයක් ගොඩ නඟාගත් 24 හැවිරිදි තරුණ ප්‍රේමවන්තයකුට ඉකුත් 14දාට යෙදී තිබූ ප්රේමමවන්තයන්ගේ දිනයේ පොලිස් කූඩුවේ රැයක් ගත කිරීමට සිදුවීමේ පුවතක් අනුරාධපුර පොලිසියෙන් වාර්තා වෙනවා
මේ තරුණයා කුරුණෑගල කුඹුක්ගැටේ පදිංචි වුර්ත්තියෙන් පෙදරේරුවෙක්
මොහු වැලිසර රාගම පදිංචි වවුනියාවේ ආයතනයක සේවය කරන 17 හැවිරිදි තරුණියක හා මිත්ර වී ඇත්තේ මුහුණු පොතේ පළවූ එම තරුණියගේ තොරතුරු ආශ්රයෙනි
පසුව විවාහ ගිවිස ගැනීමේ පොරොන්දුව මත ප්රේමයෙන් වෙළී තිබේ
එය කෙතරම් දුරදිග ගියේද කිවහොත් ටික කලක් යනවිට මේ දෙදෙනා අනුරාධපුර නගරයේ ලැගුම්හල් වෙත ගොස් කිහිප වරක්ම අඹු සැමි ඇසුරක්ද පවත්වා ඇති බවට තොරතුරු හෙළිවී ඇත
මේ අතර මෙම තරුණියගේ නිරුවත් ඡායාරූප ගැනීමටද තරුණයා ක්රියා කර තිබේ
ඊට පසු මෙම ඡායාරූප ගැන කියමින් ඇයව නිතරම පාහේ අඹු සැමි ඇසුරට යොදා ගැනීමට මෙම ප්රේමවන්තයා පෙලැඹී ඇත
මේ තත්ත්වය තරුණියට මහත් කරදරයක් හා මානසික පීඩාවක් වීම නිසා තමා මුහුණ දී සිටින තත්ත්වය ඇය සිය මවට පැවැසීමෙන් පසුව ඔවුන් දෙදෙනා මේ ගැන පොලිසියට පැමිණිල්ලක් කර තිබේ
ඒ අනුව ක්රියාත්මක වූ ළමාරක්ෂක අධිකාරියේ හා කොළඹ කාන්තා පොලිස් ඒකකයේ නිලධාරීන් ඉකුත් 14 වැනිදා උපායශීලීව තරුණයා අනුරාධපුර නගරයට කැඳවා අනුරාධපුර පොලිසියේ සහාය ඇතිව අත්අඩංගුවට ගැනීමට සමත් විය

«
Next
Newer Post
»
Previous
Older Post

No comments:

Leave a Reply