Theme images by kelvinjay. Powered by Blogger.

Slider

Recent Video

Recent News

Politics News

Foreign

Entertainment

Business News

Technology

» » » » » මාමණ්ඩිගෙන් කෝලිට ලැබුණු තෑග්ග මෙන්න...

පසුගිය කාලයේ බොහෝ දෙනාගේ කතාබහට ලක්වූ විවාහ මංගල්‍යයක් තමයි කෝලි - අනුෂ්කා විවාහය. මේ නව යුවළ ගැන තවත් කතාවක් මේ දිනවල වාර්තා වනවා.ඒ කතාවට හේතු වෙන්නේ කෝලිගේ මාමණ්ඩිවන විශ්‍රාමික කර්නල් අජේ කුමාර් ශර්මාගෙන් ලැබුණු අපූරු තෑග්ගක්.
පසුගිය දවසක අනුෂ්කාගේ දෙමාපියන් සම්මානීය පද රචකයෙකු වන මනෝජ් මුන්ටාශිර්ගේ ආදරණීය කවි සංකල්පනා ඇතුළත් “තේජස්වානි දිව්‍යා” අලුත්ම පොත දොරට වැඩීමේ අවස්ථාවට සහභාගී වී තිබෙනවා.
එම අවස්ථාවේදි කර්නල් අජේ විසින් එහි අලුත්ම කෘතියක් කතුවරයාගේ අත්සනින් යුතුව තම සුපිරි බෑනා වන විරාත් කෝලි හට තෑග්ගක් ලෙස ලබාදී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
මෙවැනි කවි පොතක් මිලදී ගෙන කෝලිට තෑගී කිරීමට හේතුව වී ඇත්තේ තම දියණියත් බෑණත් කවිවලට ඉතා ප්‍රිය කරන බවයි සඳහන් වන්නේ.
ගිය වසරේ දෙසැම්බර් 11 වනදා යුග දිවියට පිවිසුණු අනුෂ්කා සහ විරාත් කෝලි මීට පෙරද අවස්ථා කිහිපයකදීම පොත් දොරට වැඩීමේ උත්සව සඳහා සහභාගී වී තිබෙනවා.
ඒ පොත් පිළිබඳව ඇති උනන්දුව නිසාම විය හැකියි.
විරාත් කෝලි ක්‍රීඩාවත් එක්කම දැඩි ලෙස කාර්යබහුල වුවත්, අනුෂ්කා සමඟ නිරත්තරයෙන්ම කවි පිළිබඳවත් සාහිත්‍යය පිළිබඳවත් උනන්දුවෙන් අධ්‍යනය කරමින් සිටින බවයි  දෙමාපියන් පවසන්නේ.

«
Next
Newer Post
»
Previous
Older Post

No comments:

Leave a Reply