Theme images by kelvinjay. Powered by Blogger.

Slider

Recent Video

Recent News

Politics News

Foreign

Entertainment

Business News

Technology

» » » හොරාට නෙලද්දී ගුද මාර්ගයෙන් රන් හා හෙරොයින් පිටවෙලා...


වරකාපොල තෝලංගමුව ප්‍රදේශයේ විශ්‍රාමික ගුරු යුවළක්‌ පදිංචි වී සිටින නිවසක ගුරු මාතාව පමණක්‌ තනිව සිටින අවස්‌ථාවක්‌ බලා එම නිවසට ඇතු`ඵ වී නිවසේ භාණ්‌ඩ සොරා ගත් පුද්ගලයකු පසුගියදා අසල්වාසීන් විසින් අල්ලාගෙන පහර දීමේදී ඔහුගේ ගුද මාර්ගයෙන් රන් භාණ්‌ඩ හා හෙරොයින් පිට වී ඇති බව වරකාපොල පොලිසිය පැවසීය. 
 
 මෙම සොරා සවස 5(00 ට පමණ මෙම නිවසට ඇතු`ඵ වී ඇති අතර ගුරු මහතා නගරයේ අමතර පන්තියකට සහභාගි වීමට ගොස්‌ ඇත. ඒ වන විට ගුරු මාතාව තනිව නිවසේ සිට ඇති අතර ආගමානුකූල කටයුතුවල යෙදෙමින් භාවනා කරමින් සිටින අවස්‌ථාවේදී මෙම පුද්ගලයා රහසිගතව නිවසට ඇතු`ඵ වී භාණ්‌ඩ සොරකම් කරන විට භාණ්‌ඩ පෙරළෙන ශබ්දය ඇසීම නිසා ඇය එම තැනම සිට කෑ ගසා ඇත. ගුරු මාතාවගේ කෑ ගැසීම ඇසී අසල්වාසීන් පැමිණෙන විට සොරා නිවස ඇතුළේ සිටිනවා දැක ඔහු අල්ලා පහර දීමෙන් පසුව වරකාපොල පොලිසියට භාර දී ඇත.
 
 මෙසේ අත්අඩංගුවට ගනු ලැබූ පුද්ගලයා පිළිබ`දව වැඩිදුර විමර්ශනය කළ නිලධාරීන් සැකකරු තමනට යමක්‌ ස`ගවන බවට දැන ගැනීමෙන් පසුව ඔහුගේ රහස්‌ ප්‍රදේශය ගැන විපරමට භාජනය කර ඇත. 
 
 ගුරු මාතාවගේ නිවසේදී තමනට අසල්වාසීන් විසින් පහර දීමේදී මළමුත්‍ර පිටවීම නිසා ෂොපින් කවරයකින් එම ප්‍රදේශය ආවරණය කරගෙන සිටින බව නිලධාරීන්ට පවසා සිටියේය. එසේ පැවසීම නිසා නිලධාරීන්ට ඔහු පිළිබ`දව තවත් සැක සිතී පරීක්‌ෂා කිරීමේදී ගුද මාර්ගය තුළ ස`ගවාගෙන තිබූ රන් භාණ්‌ඩ තොගයක්‌ සොයා ගැනීමට හැකි වී ඇත. තවමත් ඔහු ගැන සැක සිතූ නිලධාරීන් නැවත නැවතත් මොහුගේ ගුද මාර්ගය පරීක්‌ෂා කිරීමේදී ඒ තුළ ග්‍රොසරි බෑගයක ස`ගවා ගෙන සිටි හෙරොයින් ග්‍රෑම් 2 මිලි ග්‍රෑම් 300 ක්‌ සොයා ගෙන ඇත.
 
 මෙම සැකකාර පුද්ගලයා මීරිගම ප්‍රදේශයේ පදිංචිකරුවකු බව සොයා ගත් අතර තවත් මෙවැනි දාමරික ක්‍රියාවල යෙදෙන අයකු ද යන්න පිළිබ`දව විමර්ශන ආරම්භ කර ඇත. සැකකරු වරකාපොල දිසා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය. වරකාපොල පොලිස්‌ ස්‌ථානාධිපති එච්.එච්.ජනකාන්ත මහතාගේ උපදෙස්‌ මත අපරාධ අංශයේ උ.පො.ප කුලතුංග (48669) පො.සැ. වික්‍රමසිංහ (80254) පොලිස්‌ රියෑදුරු රාජපක්‌ෂ මෙම පරීක්‌ෂණවලට දායක විය. 
  

«
Next
Newer Post
»
Previous
Older Post

No comments:

Leave a Reply