Theme images by kelvinjay. Powered by Blogger.

Slider

Recent Video

Recent News

Politics News

Foreign

Entertainment

Business News

Technology

» » » » » නැවියෙකු හා විවාහයට සුදානම් වන තිසුරිගේ පෙම් කතාව


බොහෝ දෙනෙකුගේ ජනාදරයට පත් රංගන ශිල්පිණියක් තමයි තිසුරි යුවනිකා. සිය මවගේ ද ආභාෂය ඇතිව කලා ක්ෂේත්‍රයට පිවිසි තිසුරි මේ වසරේ විවාහ වීමට සුදානම් බව ප්‍රකාශ කර තිබුණා. මේ දිනවල ඒ හා සමඟ තරමක් කාර්යබහුල ජීවිතයක් ගත කරන ඇය සිය සහකරු ගැන සතිඅන්ත පුවත්පතකට අදහස් දක්වමින් කියා තිබුණේ මෙලෙසිනුයි.
එයා නැවක සේවය කරන කෙනෙක්. මගේ තාත්තාගේ හොඳම යාළුවාගේ පුතා තමයි සුරාජ්. අපි පුංචි කාලේ ඉඳන්ම අපේ පවුල් දෙක හරිම හිතවත්. මම එයාව දන්නේ පුංචි කාලේ ඉඳලා. තාත්තලා දෙන්නගේ යාළුකම නිසාම පවුල් දෙක හඳුනාගෙන එයා මගේ හොඳ යාළුවෙක් වුණා.යෝජනාව ගෙනාවේ එයා. එයා තමයි මගෙන් ඇහුවේ. එයයි, මමයි, එයාගේ මල්ලිලා දෙන්නයි පොඩි කාලේ ඉඳන් එකට සෙල්ලම් කළා. දවසක් එයා මගෙන් කෝල් කරද්දි ඇහුවා. එයාගේ හිතේ හුඟ දවසක ඉඳන් මම ගැන අදහසක් තිබිලා තිබුණා. හැබැයි අහලා අපේ යාළුකම නැතිවෙයි කියලා බයටම එයා මගෙන් අහන්න බය වෙලා තිබුණා.
 ඉතින් කොහොමහරි කෝල් කරලා මගෙන් එයා ඇහුවා.ඇත්තටම එයා ගැන මට ලොකු පැහැදීමක් තිබුණා. ඒ කාලේ මට ගොඩක් යෝජනා ඇවිත් තිබුණා. හැබැයි මම ඒ එකකටවත් කැමති වුණේ නෑ. මම කාත් එක්කවත් යාළු වුණෙත් නෑ. සුරාජ්ට කැමති වෙන්න මූලිකම හේතුව වුණේ සුරාජ් සහ එයාගේ පවුලේ අයව මම හොඳින් දන්නවා. අපි දොගොල්ලන්ට හංඟන්න දේවල් නෑ. යාළුවෙක් විදිහට ආශ්‍රය කරද්දිත් ඔහු හරි හොඳ කෙනෙක්. ඒ නිසා අහන්න කලින් හොඳ පැහැදීමක් තිබුණා. මගෙන් ඇහුවමත් මගේ යටි හිත මෙයා හොඳයි කියලා කිව්වා. හැබැයි මම ටික කාලයක් ඉල්ලුවා. ඒක හරියටම අවුරුදු තුනහමාරක්, හතරක් විතර වුණා. 
ඇත්තටම මේක මුළු ජීවිත කාලයටම ගන්න එක තීරණයක්. ඒ නිසා ඒ තීරණය එක පාර ගන්න මම බය වුණා. ඒ කාලය පුරාවට ඔහු මම වෙනුවෙන් බලන් හිටියා. යාළුකම සුපුරුදු පරිදිම ගෙවුණා. මම හොඳාකාරවම දැනගෙන හිටියා මව්පියන්ගෙන් ගැටලුවක් වෙන්නේ නැහැ කියලා. ඒත් පොඩි බයක් තිබුණා. මම හැම දෙයක් ගැනම ටිකක් වැඩිපුර හිතනවා. ටික කාලයක් ගියාට පස්සේ මම මේ ගැන මගේ අම්මට කිව්වා. කොහොමහරි සුරාජ් ගෙවල් වලින් ඇහුවා. අන්තිමට දෙපාර්ශවයේම ආශිර්වාදය අපිට ලැබුණා. මම හිතපු නැති විදිහට විවාහය ඉක්මනට ගමු කියලා කට්ටිය කතා වුණා.
ලොකුවටම නැතිව හෙමීට හෙමීට අපි ඒ දේවල් ප්ලෑන් කරගෙන යනවා. මටවත්, සුරාජ්ටවත් ලොකු විවාහ උත්සව ගන්න එහෙම ලොකු ආසාවක් නෑ. ඒ වුණාට අපේ පවුලේ මම තනි දරුවා. මගේ අම්මටයි, තාත්තටයි ආසාවල් ඇති. එයා පවුලේ ලොකු පුතා. ඉතින්... ඒ අම්මට තාත්තාටත් ආසාවල් ඇති. ඉතින් ඒ ආසාවල් එක්ක අපි විවාහ උත්සවයක් ගන්න තීරණය කළා. ඒ දේවල් මේ දවස්වල ප්ලෑන් කරගෙන යනවා.
පවුලේ එකම දරුවා විදියට දෙමාපියන්ගෙන් ඈත්වෙන්න වෙනවා?
ඕනෑම දරුවෙක් විවාහ වුණාම පොඩි ඈත්වීමක් වෙනවා. හැබැයි මම හිතනවා සුරාජ් මාව දන්නවා. මගේ අම්මා, තාත්තා එයා දන්නවා. අපේ පවුල් දෙක හිතවත්. ඒ නිසා මම අම්මගෙන් තාත්තාගෙන් කවදාවත් ඈත් වෙන්නේ නෑ. හෙටටත් මම එයාලාගේ ආදරණීය දුව. ජීවිතේ කවුරු මට සමීප වුණත් මගේ අම්මා තාත්තට දක්වන ආදරය සෙනෙහස මගෙන් ඈත් වෙන්නේ නෑ.

«
Next
Newer Post
»
Previous
Older Post

No comments:

Leave a Reply