Theme images by kelvinjay. Powered by Blogger.

Slider

Recent Video

Recent News

Politics News

Foreign

Entertainment

Business News

Technology

» » » නීතිය හා සාමය ජනාධිපති අතට ගනී : එජාපයට නියෝජ්‍ය ඇමතිකම.



සරත් ෆොන්සේකා මහතාට නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යංශය ලබාදීමට එක්සත් ජාතික පක්ෂය කල යෝජනාවට ජනාධිපතිවරයා තම විරෝධය පළකර ඇති බව මීට පෙර වාර්තා කල අතර එම අමාත්‍යංශය ජනාධිපතිවරයා විසින් තමන් යටතේ තබා ගැනීමේ සුදානමක් ඇතැයි ජනාධිපති කාර්යාල ආරංචිමාර්ග සඳහන් කර සිටියි.

ෆොන්සේකා මහතාට අදාල තනතුර යෝජනා වීමත් සමඟ ඔහුට එම තනතුර ලබා නොදෙන ලෙස ප්‍රබල ශ්‍රීලනිප අමාත්‍යවරු, ස්වාමීන්වහන්සේලා කිහිප දෙනෙක් මෙන් ම හමුදාවේ ඉහල නිලධාරීන් කිහිප දෙනෙක් ද ජනාධිපතිවරයා වෙත ඉල්ලීම් කර ඇතැයි ද Info Sri Lanka News වෙත වාර්තා වේ.

මෙසේ ඉල්ලීම් කිරීමට හේතු වී ඇත්තේ ෆොන්සේකා මහතා එම තනතුර හිතුවක්කාරී ලෙස භාවිතා කරමින් කටයුතු කිරීමේ අවධානමක් ඇති බැවින් බව විශ්වාස කටයුතු ආරංචිමාර්ග සඳහන් කර සිටියි.

නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යංශයේ නියෝජ්‍ය අමාත්‍ය ධුරය එක්සත් ජාතික පක්ෂයේ නවක මන්ත්‍රීවරයෙකු වෙත හිමි වීමට නියමිත බව ද වාර්තා වේ.

කෙසේ නමුත් කැබිනට් සංශෝධනය එළඹෙන ඉරිදා පෙරවරුවේ සිදු කිරීමට නියමිතය.

සුසිල් ඇමතිකම් නොගනියි !

කැබිනට් සංශෝධනයේදී සුසිල් ප්‍රේමජයන්ත මහතා අමාත්‍යධූරයක් නොගැනීමට සූදානමක් ඇතැයි වාර්තා වේ.

ඒ මහතා රනිල් වික්‍රමසිංහ මහතා අගමැතිකම් කරන ආණ්ඩුවක අමාත්‍යධූර නොගන්නා බවට පලකර තිබූ මතය අනුව අදාළ තීරණයට එළඹ ඇති බව පැවසේ.

ප්‍රේමජයන්ත මහතා කැබිනට් සශෝධනයට සහභාගි නොවී හෙට (25) හිමිදිරියේ විදෙස්ගතවීමට නියමිත බවද මේ අතර වාර්තා වේ.

කෙසේවුවද, ප්‍රේමජයන්ත මහතා හෙට සහභාගිවන්නේ ඔහු විසින් කලින් යොදාගත් විදෙස් ගමණක් බව ඔහුගේ හිතවතුන් කියා සිටී.

ඇමතිකම් නොගැනීමට තාම තීරණයක් නෑ - දයාසිරි


මේ අතර, අපි අමාත්‍ය දයාසිරි ජයසේකර මහතාගෙන්ද අමාත්‍යධූර නොගැනීමට තීරණයක් ඇත්දැයි කළ විමසීමකදී ඔහු කියා සිටියේ ශ්‍රීලනිප කණ්ඩායම සමඟ සාකච්ඡාවක් ඇති බවත්, අමාත්‍යධූර භාර නොගෙන සිටීමට තවම තීරණයක් නොමැති බවයි.

Info Sri Lanka News 

«
Next
Newer Post
»
Previous
Older Post

No comments:

Leave a Reply