Theme images by kelvinjay. Powered by Blogger.

Slider

Recent Video

Recent News

Politics News

Foreign

Entertainment

Business News

Technology

» » » ලංකාවේ ධනවත්ම දේශපාලකයා මහින්ද රාජපක්ෂ... ජනපති මෛත්‍රීට තෙවන තැන! (විශේෂ)




ශ්‍රී ලංකාවේ ධනවත්ම දේශපාලකයින්ගේ ලයිස්තුවේ පෙරමුණ ගැනීමට මහින්ද රාජපක්ෂ මහතා සමත්වී ඇතැයි ජාත්‍යන්තර ෆෝබ්ස් සඟරාව උපුටා දක්වමින් ඒෂියන් ට්‍රිබියුන් වෙබ් අඩවිය වාර්තා කර තිබේ. ඔහු ඇමරිකානු ඩොලර්  මිලියන 18ක වත්කම් හිමි බව එහි දැක්වේ.

එම වාර්තාවට අනුව වර්තමාන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එම ලයිස්තුවේ ඉහළට පැමිණ ඇති අතර ඔහු තුන්වන ස්ථානය හිමිකරගෙන තිබේ.  ඔහු ඇමරිකානු ඩොලර් මිලියන 14ක (රුපියල් කෝටි 216) වත්කම් ඇතැයි වාර්තා වේ. 

චන්ද්‍රිකා බණ්ඩාරණායක මහත්මියට හය වන ස්ථානයත්, රනිල් වික්‍රමසිංහ මහතාට නම වන ස්ථානයත් හිමිවී ඇති මෙම ලයිස්තුවේ කරුණා අම්මාන්ට පස්වන ස්ථානය හිමිවී තිබේ.

ඇ.ඩො මිලියන 1.3 ක(රුපියල් කෝටි 20)  වත්කම් සහිතව ලයිස්තුවේ 7 වන ස්ථානයට පත්වීමට ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා සමත්වී ඇත. 

ඒශියන් ට්‍රිබියුන් වෙබ් අඩවියේ වාර්තාව - President Maithripala Srisena - Third richest politician in Sri Lanka today - Forbes

«
Next
Newer Post
»
Previous
Older Post

No comments:

Leave a Reply