Theme images by kelvinjay. Powered by Blogger.

Slider

Recent Video

Recent News

Politics News

Foreign

Entertainment

Business News

Technology

» » » කැබිනට් සංශෝධනය කල් යයි..!



අමාත්‍ය මණ්ඩල සංශෝධනය තවත් කල් යනු ඇති බව වාර්තා වනවා.
අද (21) දිනයේ අමාත්‍ය මණ්ඩල සංශෝධනයක් සිදුවනු ඇති බවට වාර්තා පළ වුවද එය අද සිදුනොවන බවයි ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු සඳහන් කළේ.

කැබිනට් සංශෝධනයට අදාළ ලිපි ලේඛන සකස් කිරීම මේ වන තුරුත් සිදුව නොමැති බව ඔහු හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී කියා සිටියා.

කැබිනට් සංශෝධනය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ එක්සත් ජාතික පක්ෂය අතර සාකච්ඡා කිහිපයක් ඊයේ දිනයේදී ද පැවති බවයි දේශපාලන ආරංචි මාර්ග සදහන් කළේ.

මේ අතර තරුණ පරපුරට වැඩි තැනක් දෙන රැඩිකල් වෙනසක් මෙවර අමාත්‍ය මණ්ඩල සංශෝධනයේදී බලාපොරොත්තු වන්නැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසා ඇතැයි විශ්වාස කටයුතු මාර්ග සඳහන් කරයි. 
 
ඉදිරියේදී එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයන්ද එලෙස ඉදිරියට ගන්නා තරුණ අමාත්‍යවරුන්ට හිමි වනු ඇති බවද අග්‍රාමාත්‍යවරයා සඳහන් කර ඇත. 
 
තව දිනක් හෝ දෙදිනක් ඇතුලත මෙම කැබිනට් වෙනස සිදු වනු ඇති බව පවසා තිබෙන අග්‍රාමාත්‍යවරයා පක්ෂය ජයග්‍රහණය කරා මෙහෙයවන ශීඝ්‍රගාමී ගමන ඉතා ඉක්මනින් අරඹන බව ද සඳහන් කර තිබේ.

- Hiru News 

«
Next
Newer Post
»
Previous
Older Post

No comments:

Leave a Reply