Theme images by kelvinjay. Powered by Blogger.

Slider

Recent Video

Recent News

Politics News

Foreign

Entertainment

Business News

Technology

» » » » මහරගමට බඩල්ගමින් පත්වූ සභිකයින් හතකට ඉල්ලා අස්වන ලෙස පොහොට්ටුවෙන් බලපෑම්...!



මහරගම නගර සභාවට පොදුජන පෙරමුණින් නාම යෝජනා බාරදි ප්‍රතික්ෂේප වූ නියෝජිතයින් පිරිසක් මුදල් හා මැරබලය පෙන්වමින් තමන්ට බලපෑම් කරන බව ස්වාධින කණ්ඩායමකින් තරග කොට ජයගත් අපේක්ෂකයන් හත් දෙනෙක් ඊයේ (20) මැතිවරණ කොමසාරිස්වරයාට පැමිණිල්ලක් ඉදිරිපත් කැර ඇත. මුදල් ෙදමින් තමන්ට ෙපාෙහාට්ටු සාමාජිකයන් තර්ජනය කරන බවට පැමිණිල්ලක් ඉදිරිපත් කරන ලද්දේ මහරගම මෝටර් බයිසිකලය ලකුණින් තරග කළ අපේක්ෂකයින් පිරිසකි.
ස්වාධීන අපේක්ෂකයන්ට‍ මුදල් දී බලපෑම් කරමින් මන්ත්‍රීවරුන් බිලිබා ගැනීමේ ක්‍රියාවලියක යෙදී ඇති බව මන්ත්‍රී කණ්ඩායමක් මැතිවරණ කොමසාරිස්වරයාට පැමිණිල්ලක් කරමින් දැනුම්දී ඇත.
මන්ත්‍රීවරුන් හත්දෙනෙකු මෙම පැමිණිල්ල ඊයේ (20) දහවල් මැතිවරණ කොමසාරිස්වරයාට භාරදුන් බව නීතිඥ නාමල් රාජපක්ෂ මහතා දිනමිණට කීය.
පළාත් පාලන මැතිවරණයේදී මහරගම නගර සභාවට මෝටර් බයිසිකලයෙන් තරඟ වැද ලලිත් ගුණවර්ධන, දිලන්ති කුසුම්සිරි, ‍දේවගේ ජොසපින්, චමිදු ලක්ෂාන් රණසිංහ, ධම්මිකා නිශාන්ති, ලක්මිණි තුෂාරි ගුණවර්ධන සහ හංසනි රුවන්ති තේරී පත් වූහ. 
- දිනමිණ පුවත්පත (2018.02.21)

 

«
Next
Newer Post
»
Previous
Older Post

No comments:

Leave a Reply