container ජනපති මැඳුර සුපිරි හෝටලයක් වෙයි.... - <br>
Theme images by kelvinjay. Powered by Blogger.

Slider

Recent Video

Recent News

Politics News

Foreign

Entertainment

Business News

Technology

» » » » » ජනපති මැඳුර සුපිරි හෝටලයක් වෙයි....


යාපනය කන්කසන්තුරේ ඉදිවන ජනාධිපති මන්දිරය සුපිරි හෝටලයක් බවට පත්කිරීමට රජය තීරණය කළ බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසයි.

ඒ අනුව මෙම මන්දිරය හෝටලයක් බවට පත්කිරීමට ජාත්‍යන්තර ටෙන්ඩර් කැඳවීම ඉදිරි සති දෙක තුළ සිදුකිරීමට නියමිතය.

මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.

ඉදිවෙමින් පවතින මෙම ජනපති මැදුර සඳහා මේ වන විට රුපියල් කොටි තුන්සිය පනහක් වැයවී ඇති බව පවසන ජනාධිපතිවරයා මෙය හෝටලයක් බවට පත්කිරීමට ජාත්‍යන්තර ටෙන්ඩර් කැඳවීමට යොමුවන බවද පැවසීය.

එහිදී තව දුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා,
"යාපනයේ ජනාධිපති මාළිගාව කෝටි තුන්සිය පනහක් වෙනවා.මම එය හෝටලයක් කරන්න ජාත්‍යන්තර ටෙන්ඩර් කැඳවීමකට යනවා.ජනාධිපතිගේ වියදම්වලින් සෑහෙන ප්‍රමාණයක් මම අඩුකර තියෙනවා. කාර්යමණ්ඩල , හෙලිකොප්ටර් ගමන්, සම්බන්ධීකරණ ලේකම්වරුන් ආදියත් අඩුකර තිබෙනවා" යැයි පැවසීය.

කන්කසන්තුරය ජනාධිපති මන්දිරයේ ඉදිකිරීම් පසුගිය ආණ්ඩුව සමයේදී ආරම්භ කරන ලද්දකි. නමුත් මේ සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසා තිබුණේ කන්කසන්තුරේ කිසිම ජනාධිපති මැඳුරක් ඉදිවෙමින් නොපැවති බවයි.

කෙසේ වෙතත් 1980 දී කොටි ත්‍රස්තයන් විනාශ කරන තුරු ජනපති මැදුරක් යාපනය කොටුවේ තිබූ බවත් , මෙම ඉදිවෙමින් පවතින ගොඩනැගිල්ල ජනාධිපති ලේකම් කාර්යාලය යටතේ පවතින ජාත්‍යන්තර සම්බන්ධතා මධ්‍යස්ථානයක් බවත් , නාවික හමුදාව එහි ඉදිකිරීම් බාරව සිටිය බවත් මහින්ද රාජපක්ෂ මහතා වරෙක ප්‍රකාශ කළේය. 

«
Next
Newer Post
»
Previous
Older Post

No comments:

Leave a Reply