Theme images by kelvinjay. Powered by Blogger.

Slider

Recent Video

Recent News

Politics News

Foreign

Entertainment

Business News

Technology

» » » » ෆොන්සේකා නැවත පැමිණෙන තෙක් නීතිය හා සාමය ජනපති යටතේ - මහින්ද පාර්ශ්වය කලබල වෙලා..!


අද (20) සිට ඉන්දුනීසියාවේ ජාකර්තා නුවර නිල සංචාරයක නිරත වී සිටින ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා නැවත දිවයිනට පැමිණෙන තෙක් නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යාංශය ජනාධිපතිවරයා යටතේ තබා ගැනීමට ගැනීමට තීරණය කර ඇතැයි වාර්තා වේ.
ඒ අනුව සරත් ෆොන්සේකා මහතා නැවත ලබන 25 වනදා දිවයිනට පැමිණෙන තෙක් එම අමාත්‍යාංශයෙහි කිසිවකු දිවුරුම් නොදෙනු ඇත.

එහෙත් මේ සම්බන්ධයෙන් රාජපක්ෂ පවුල පුදුමාකාර ලෙස කලබල වී ඇතැයි ආරංචි මාර්ග සඳහන් කරයි. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට ප්‍රකාශ කර ඇත්තේ මෙම අමාත්‍යාංශය එක්සත් ජාතික පක්ෂයට හිමි අමාත්‍යංශයක් බැවින් දිගටම එය එජාපය යටතේ තබා ගන්නා ලෙසයි. 
එසේම මෙම තනතුරට වඩාත් සුදුසු වජිර අබේවර්ධන හෝ ගයන්ත කරුණාතිලක බව ද හිටපු ජනාධිපතිවරයා අග්‍රාමාත්‍යවරයාට ප්‍රකාශ කර ඇත. එහිදී අග්‍රාමාත්‍යවරයා හිටපු ජනාධිපතිවරයාට පවසා ඇත්තේ ජනාධිපතිවරයා මෙම අමාත්‍යාංශය ඉල්ලා සිටින්නේ නම් තමන්ට එය දීමට සිදුවන බවයි. එසේම ජනාධිපතිවරයාගේ කටයුතුවලට මැදිහත් වීමට තමන්ට වුවමනාවක් නොමැති බවද අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත. නීතිය හා සාමය අමාත්‍යාංශය සරත් ෆොන්සේකාට හිමි වීමට යනවායැයි යන ආරංචිය ම රාජපක්ෂවරුන් තැති ගැන්වීමට සමත් වී තිබේ.


අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සිටි දක්ෂ නිලධාරීන්ට සිය වැඩ කටයුතු කිරීම සඳහා ඒ යුගයේ නිදහස ලබා දී නොතිබුණු බවත් හොරු ඇල්ලීම වෙනුවට විජේදාස රාජපක්ෂ අමාත්‍යවරයා හොරුන් රැකීමට ඉදිරිපත් වුණු බවත් ප්‍රකාශ කළ ෆොන්සේකා මහතා පෙන්වා දුන්නේ විජේදාස රාජපක්ෂ පාර්ලිමේන්තුවේදී තමන් තනතුරේ සිටින තුරා ගෝටාබය රාජපක්ෂව අත් අඩංගුවට ගැනීමට ඉඩ නොදෙනා බවට කළ ප්‍රකාශය ම ඊට සාක්ෂි බවයි.

«
Next
Newer Post
»
Previous
Older Post

No comments:

Leave a Reply