Theme images by kelvinjay. Powered by Blogger.

Slider

Recent Video

Recent News

Politics News

Foreign

Entertainment

Business News

Technology

» » » » "කොළඹ පාතාලය එළිපිට මරා ගනියි, ආමි අසිතට ගේම දුන්නේ මදුෂ්ගේ ගෝලයෝ" මර්ධනය කරන්න විශේෂ බළකායත් සටනට .!


කොළඹ පාතාලය සමඟ බැඳුනු අපරාධ රැල්ල මැඬපැවැත්වීමේ අරමුණින් කොළඹ ඇතුළු තදාසන්න ප්‍රදේශවල ආරක්ෂාව තරකිරීමට ආරක්ෂක අංශ පියවර ගෙන තිබෙන බව වාර්තා වෙනවා.
පොලිසියට අමතරව පොලිස් විශේෂ කාර්ය බළකායේද සහාය ලබාගෙන පැය 24 පුරාම ක්‍රියාත්මක වන විශේෂ වැටලීම් මෙහෙයුම්, හදිසි මාර්ග බාධක, ජංගම මුර සංචාර දියත් කිරීමටද කටයුතු යොදවා තිබෙන බව සදහන්.

මිද්‍රිත මාධ්‍ය වාර්තා කරනා අන්දමට පළාත් පාලන මැතිවරණය නිමා වීමත්, රට තුළ හටගත් දේශපාලන අස්ථාවර භාවයත් මුල්කරගනිමින් පාතාල නායකයන්ද සිය ප්‍රතිවාදීන් ඝාතනය කිරීමේ සැලසුම් දියත් කරමින් සිටින බවද පාතාල මර්දන ඒකකයන් වෙත තොරතුරු ලැබී බේ.
ගත වූ සතියක කාලය තුළ මෝදර, කෙසෙල්වත්ත, තලංගම සහ බොරැල්ල යන ප්‍රදේශවල සිදුවූ වෙඩි තැබීම්වලින් කාන්තාවක් ඇතුළු තිදෙනකු තුවාල ලබා තවත් පුද්ගලයන් දෙදෙනකු මියගොස් තිබේ. මෙම වෙඩි තැබීම් සම්බන්ධයෙන් සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට පොලිසිය මෙතෙක් සමත් වී නැත.

ආසන්නතම සිදුවීම ලෙස පෙරේදා (20දා) දින බොරැල්ල, කොටා පාර දුම්රිය හරස් මාර්ගය ආසන්නයේ සිදු වූ වෙඩි තැබීමෙන් පාතාල නායක දඩල්ලේ මංජු නමැත්තාගේ ගෝලයකු වන අසිත කුමාර හෙවත් 'ආමි අසිත' නමැත්තා බරපතළ තුවාල ලබා මේ වනවිට කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී.

ඩුබායිහි සැඟවී සිටින මාකඳුරේ මධුෂ්ගේ මෙරට සිදු කරන මහ පරිමාණ හෙරොයින් ජාවාරම මෙහෙයවූ හර්ෂ යසස් නමැත්තා 2016දී රාජගිරිය, ඔබේසේකරපුර ප්‍රදේශයේදී වෙඩි තබා ඝාතනය කෙරිණි. ඝාතනයට ලක් වූ පාතාල නායක 'රණාලේ සමයං' විසින් මෙහෙයවා හර්ෂ යසස් ඝාතනය කළ අතර එම ඝාතනයට පැමිණ ඇත්තේ ආමි අසිත බවද පසුව අනාවරණය විය.

තමාගේ දකුණු අතවන් හර්ෂ යසස් ඝාතනය කිරීමේ වියෝවෙන් සිටි මාකඳුරේ මධුෂ් විසින් පළිගැනීමක් ලෙසට සිය සගයන් දෙදෙනකු යොදවමින් ආමි අසිත ඝාතනය කිරීම සඳහා මෙම වෙඩි ප්‍රහාරය දියත් කර ඇති බවද පාතාල මර්දන ඒකකයන් සඳහන් කරයි.
කෙසේ වෙතත් මෙම පාතාල ගැටුම මැඬලීම සඳහා පොලිස් විශේෂ කාර්ය බළකායේ අණදෙන නිලධාරි ජේ‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්.ආර්. ලතීෆ්, බස්නාහිර පළාත භාර ජේ‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නන්දන මුණසිංහ, කොළඹ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂ පොලිස් අධිකාරි නිශාන්ත ද සොයිසා යන මහත්වරුන්ගේ අධීක්ෂණය හා උපදෙස් මත මෙම විශේෂ ආරක්ෂණ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කර ඇත.

- Neth News

«
Next
Newer Post
»
Previous
Older Post

No comments:

Leave a Reply