container "දළ දෙකින් අනින්න ගියා" -ඇත්ගොව්වා, "අලියා ගැහුවෙ නෑ" -බෙල්ලන්විල ධම්මරතන හිමි... ඇත්ත සිදුවීම මෙන්න... - <br>
Theme images by kelvinjay. Powered by Blogger.

Slider

Recent Video

Recent News

Politics News

Foreign

Entertainment

Business News

Technology

» » » » "දළ දෙකින් අනින්න ගියා" -ඇත්ගොව්වා, "අලියා ගැහුවෙ නෑ" -බෙල්ලන්විල ධම්මරතන හිමි... ඇත්ත සිදුවීම මෙන්න...

පෙරේදා උදෑසන විහාරස්ථානයේ ඇති දැඩි කළ මියන්කුමාර නමැති ඇත් පැටවෙකු කළ පහරදීමක් නිසා බෙල්ලන්විල රජමහාවිහාරාධිපති විමලරතන හිමියන්ට බරපතල තුවාල ඇතිවීම සහ අනතුරුව රෝහලේදී සැත්කමකට භාජනය කිරීමෙන් පසු අසාධ්‍යවී එහිමියන් අපවත්වීමට අදාළ මාධ්‍ය වාර්තා දෝෂ සහගත බවත් සිදුවූ දේ විකෘති කර වාර්තා කර ඇති බවත් අපවත්වූ හිමියන්ගේ සොයුරා වන බෙල්ලන්විල ධම්මරතන හිමියෝ ඊයේ එහිමියන් අපවත්වීමෙන් පසු මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් කරමින් දන්වා සිටියහ.  උන්වහන්සේ දන්වා සිටින්නේ සිද්ධිය වූ දවසේ හිමියන් වැටුණ බව සත්‍ය නමුත් ඇතා පහරනොදුන් බවත් ඒ බව රෝහල් ගතව සිටි පැය කිහිපය තුළදී  හිමියන් පවා දැන්වූ බවත්ය.මේ අතර සිද්ධිය අවස්ථාවේ එම ස්ථානයේ කිසිවෙකු හෝ නොසිටි බවත් ඒ නිසා ඇතා පහරදුන් බවට සාක්ෂි කිසිවක් නැති බවත් අවධාරණය කරමින් දන්වා සිටී.ජාතික රූපවාහිනිය අමතමින් උන්වහන්සේ මෙසේ විස්තර කළහ.


අපවත්වී වදාළ බෙල්ලන්විල විමලරතන හිමියන්ට පසුගිය සිකුරාදා විහරස්ථානයේදී සිදුවු කරදරය සම්බන්ධයෙන්  එදින උන් වහන්සේ ඇද වැටෙන අවස්ථාවේ එතැන සිටි ඇත්ගොව් සහායක මාධ්‍ය අමතා කර තිබෙන ප්‍රකාශය පහත පරිදිය. ‘නායක හාමුදුරවො සියඹලා දෙන්න ආවේ. සියඹලා කැව්වා. හොඳට කව කව හිටියේ.එක පාරට අල්ල ගත්තා. බිමට වැටුණා.ඊට පස්සෙ දළ දෙකින් අනින්න ගියා වැදුන් නෑ.ඊට පස්සෙ මං කෑ ගැහුවට පස්සෙ මෙයා හොඬේ ඉස්සුව. පස්සෙ මං උස්සල ගත්තා.‘


«
Next
Newer Post
»
Previous
Older Post

No comments:

Leave a Reply