Theme images by kelvinjay. Powered by Blogger.

Slider

Recent Video

Recent News

Politics News

Foreign

Entertainment

Business News

Technology

» » » » පිරිමි මට කැමතියිලු, එත් කවුරුත් මගෙන් අහන්නේ නෑ …



කලා ක්ෂේත්‍රයේ දක්ෂ, ජනප්‍රිය නිළියක් ලෙස රමණි සිරිවර්ධනව හඳුන්වන්න පුළුවන්. ඇය මේ දිනවල නිතර දකින්න ලැබෙන්නෙ නැහැ.
ඇයගේ අලුත්ම තොරතුරු ඇය පුවත්පතකට කියලා තිබුණෙ මේ විදිහට.
මොනවද අලුත් තොරතුරු?
මේ අවුරුද්දේ මම වැඩ භාරගත්තේ නැහැ. විදේශගත වෙන්න බලා‍පොරොත්තුවෙන් ඉන්න නිසා.
හදිසියේම විදේශගත වෙන්නේ ඇයි?
එහෙම හදිසියේ ගත්ත තීරණයක් ‍නෙවෙයි ඒක. දුවගේ වැඩ වගයකට තමයි විදේශගත වෙන්නේ.
සමාජයේ කතාබහට ලක්වන ජනප්‍රිය චරිතයක් වීම ගැන මොකද හිතන්නේ?
ජනප්‍රිය විතරක් ‍නෙවෙයි, හොඳ චරිතයක් වෙනවටයි මම කැමති. ඒ ගැන ලොකු සතුටක් තියෙන්නේ.
මේ වෙනකොට සිනමා නිර්මාණ කීයකට වගේ රංගනයෙන් දායක වෙලා තියෙනවාද?
තිහ හතළිහකට දායක වෙලා තියෙනවා. හරියටම කීයද කියලා මතක නැහැ.
ඒ අතරින් ඔබ කැමතිම චිත්‍රපටය මොකක්ද?
පත්තිනි චිත්‍රපටයේ චරිතයට මම කැමතියි. මොකද අනිත් ඔක්කොම බටහිර පන්නයේ චරිත. ඒ චරිතය ලොකු අභියෝගයක් වුණා. ඒ චරිතය මම බොහොම ආසාවෙන් කළා. මුලින්ම මට ඒ චරිතයට ආරාධනා ලැබිලා ප්‍රතික්ෂේප කරනවා. මොකද සුනිල් ආරියරත්න වගේ දැවැන්ත අධ්‍යක්ෂවරයෙක් එක්ක වැඩ කරන්න අමාරු වෙයි කියලා.
ඔබ රංගන ශිල්පිනියක් නොවුණා නම්?
ඇත්තටම විද්‍යා විෂය ධාරාව පැත්තෙන් ඉස්සරහට යාවි. අහම්බෙන් තමයි රංගන ශිල්පිනියක් වෙන්න අවස්ථාව ලැබුණේ. මම හිතනවා මට උරුම දේ අහම්බෙන් හරි ලැබුණා කියලා.
ඔබ රංගනයට එකතු වෙනවාට ගෙදරින් කැමති වුණාද?
ඇත්තටම නැහැ. මගේ තාත්තා මම ‍පොඩි කාලෙම නැතිවුණා. නමුත් අම්මගේ ලොකු කැමැත්තක් තිබුණේ නැහැ. අයියලා දෙන්නත් කැමති වුණේ නැහැ මම රංගන ශිල්පිනියක් වෙනවට. අයිරාංගනී සේරසිංහ අපේ නෑ කෙනෙක්. ඇය ෆ්‍රෙඩී සිල්වා එක්ක රඟපාන්න නිළියක් හොයනවා. ඒ නිසා ඇය මාව සොයාගෙන ආවා. ඇයට ආඩපාලි කියන්න බැරි නිසා මට රංගනයට එන්න අවස්ථාව ලැබුනා. ඒ කා‍ලේ මම රංගනය ගැන මෙලෝ දෙයක් දන්නෙ නැහැ. ෂූටින් ගිහින් පළවැනි දවසේ කරගන්න බැරිවුණා. දෙවැනි දවසේ තමයි හරියට කරන්න පුළුවන් වුණේ.
වර්තමානයේ වගේ එදත් රංගනයට එකතු වෙන්න පහසුයිද?
ඒ කා‍ලේ නම් රංගනයට එන්න අද වගේ පහසු නැහැ. මාලනී ෆොන්සේකා, ස්වර්ණා මල්ලවආරච්චි, ශ්‍රියානි අමරසේන, අනෝජා වීරසිංහ තවමත් ක්ෂේත්‍රයේ ඉහළින්ම වැජඹෙනවා. අද ක්ෂේත්‍රයට එකතු වෙන අයට අවබෝධය අඩුයි. ඔවුන් වෙලාවකට වාසනාවන්තයි. මොකද එදාට වඩා වැඩි අවස්ථාවක් ලැබිලා තියෙනවා.
වර්තමාන ක්ෂේත්‍රය ගැන මොකද හිතෙන්නේ?
දක්ෂයෝ ගොඩක් ඉන්නවා. ගොඩක් නිර්මාණ බිහිවෙලා තියෙනවා. ඒ වගේම අවබෝධයක් නැතුව ජීවිත නැතිකර ගන්නවා. ඒ කා‍ලේ ඒ දේවල් තිබුණේ නැහැ.
ඔබ තවමත් සුන්දරයිනේ. ඒ කා‍ලේ රූප රාජිනී තරගවලට සහභාගි වුණේ නැද්ද?
පාස‍ලේ තිබුණ තරගවලට සහභාගි වුණා. ඊට පස්සේ තිබුණු තරගවලට සහභාගි වෙන්න ආසාව තිබුණත් අයියලා දෙන්නා ඒ තරගවලට සහභාගි වෙනවට කැමැත්තක් තිබුණේ නැහැ.
රංගනයට එකතු වුණාට පසුව නිරූපණයට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණේ නැද්ද?
විවාහයට එනකම්ම මම ගැන මගේ අයියලා දෙන්නා පස්සෙන්ම හිටියා. නිතරම හොයලා බැලුවා. නිරූපණ කටයුතුවලට වැඩියෙන් කාලය යොදවන්න බැරි වුණත් කිහිපයකට සම්බන්ධ වෙලා තියෙනවා.
ඒ කා‍ලේ ඔබට තරුණයන්ගෙන් ඉහළ ආකර්ෂණයක් ලැබෙන්න ඇති නේද?
ලැබුණා, මම හරි ආඩම්බරයි කියලා තමයි ක්ෂේත්‍රයේ හැදිලා තිබුණේ. ඒක ඇත්තටම ආඩම්බරකමක් ‍නෙවෙයි. මට පුරුද්දක් තිබුණේ නැහැ සමාජයත් එක්ක ගනුදෙනු කරන්න. ඒ නිසා මම පාඩුවේ වැඩ කරගත්තා. මට ගොඩක් යාළුවෝ නැහැ. සීමිත ප්‍රමාණයයි ඉන්නේ. පිරිමි අයගේ ආකර්ෂණයක් තිබුණට කවුරුත් මට කියන්නේ නැහැ. දැන් නම් ටිකක් මම කට්ටිය එක්ක කතා කරනවා. සමහර අය හිතවත් විදියට කතා කළහම කැමතියි වගේ ඇඟෙව්වත් මම ඒ දේවල් මග හරිනවා.
ආපස්සට හැරිලා බලද්දි මොකද හිතෙන්නේ?
පසුතැවීමක් නැහැ. මම හොස්ටල් එකක හැදුණු ළමයෙක් නිසා සමාජය ගැන ලොකු දැනුමක් තිබුණේ නැහැ. මගේ පස්සෙන් ඉඳලා මට නිවැරදි මාර්ගය පෙන්නුවට මම අද මගේ අයියලා දෙන්නට ගෞරව කරනවා. අද මම සන්තෝස වෙනවා මම නිවැරදි මාර්ගයක ආවා කියලා.
විවාහයෙන් පස්සෙත් ජීවිතේට සීමා මායිම් වැටුණාද?
නැහැ. හැබැයි ආවට ගියාට රඟපාන්න දුන්නේ නැහැ. ඔහු ආරාධනා ලැබෙන නිර්මාණ, හොඳ වුණොත් යන්න කියනවා. ඔහු හොඳ නරක කියන හැමදේම මට පෙන්නලා දුන්නා. ගැළපෙන්නේ නැති නිර්මාණවලට ඔහු මට යන්න දුන්නේ නැහැ.
ඔබේ වෘත්තීය ජීවිතය වගේම පෞද්ගලික ජීවිතයේ සාර්ථකත්වයේ රහස මොකක්ද?
මම ජීවිතේ හැමදේම ධනාත්මකව හිතන කෙනෙක්. මම බෞද්ධයෙක්. මම මගේ ධර්මයත් එක්ක ජීවත් වෙනවා වගේම කාටවත් වරදක් නැතිව ජීවත් වෙන නිසා ඇත්තටම ජීවිතේ සාර්ථක වෙනවා.
දුව කලාවට එකතු වෙන්න කැමැත්තක් නැද්ද?
ෂර්ලොක් හෝම්ස් කියන මම නිෂ්පාදනය කළ නාට්‍යයට ඈව සම්බන්ධ කරගත්තා. ඒකේ චරිතයක් ඇය කළා. ඇය රංගනයට එතරම් කැමැත්තක් නැහැ. එයා උසස් අධ්‍යාපන කටයුතුවලට තමයි වැඩි අවධානයක් දීලා තියෙන්නේ.

«
Next
Newer Post
»
Previous
Older Post

No comments:

Leave a Reply