container කුළුදුල් ඡන්දය දාන්න ගිහින් තේණුක අවසන් ගමන් යයි - <br>
Theme images by kelvinjay. Powered by Blogger.

Slider

Recent Video

Recent News

Politics News

Foreign

Entertainment

Business News

Technology

» » » » කුළුදුල් ඡන්දය දාන්න ගිහින් තේණුක අවසන් ගමන් යයි


හැටන්- කොළඹ ප්‍රධාන මාර්ගයේ කිතුල්ගල, බිබිලිඔය ප්‍රදේශයේ දී අද උදෑසන බස් රථයේ පාපුවරුවේ ගමන් ගත් තරුණයෙකු පුවරුවෙන් ඇද වැටී එම බස් රථයටම යට වී මිය ගොස් ඇති බව කිතුල්ගල පොලීසිය පවසයි.

සිය කුළුදුල් ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ගමට යමින් සිටිය දී 19 වයසැති මෙම තරුණයා අනතුරට ලක්ව ඇත.

සාමිමලේ ප්‍රදේශයේ පදිංචි ලක්ෂිත තේණුක පෙරේරා නැමති මෙම තරුණයාගේ මෘත ශරීරය මේ වන විට අවිස්සාවේල්ල මුලික රෝහලේ තැන්පත් කර තිබේ.

මරණය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය අවිස්සාවේල්ල මුලික රෝහලේ දී සිදු කිරීමට නියමිත බව කිතුල්ගල පොලීසිය පවසයි.

කෙසේ වෙතත් සිදුවීම සම්බන්ධයෙන් ලංගම බස් රථයේ රියදුරු හා කොන්දොස් මහතා අත්අඩංගුවට ගත් බව පොලීසිය සඳහන් කරයි.

බස්රථය හැටන් සිට තලවකැලේ දක්වා ධාවනය වන ලංකා ගමනා ගමන මණ්ඩලයට අයත් වුවක් බව ද වාර්තා වෙයි.  

«
Next
Newer Post
»
Previous
Older Post

No comments:

Leave a Reply