Theme images by kelvinjay. Powered by Blogger.

Slider

Recent Video

Recent News

Politics News

Foreign

Entertainment

Business News

Technology

» » » » ඔබේ වාහනය ඇතුළෙත් ප්ලාස්ටික් වතුර බෝතල් තියෙනවද? එහෙනම් පරිස්සමෙන් - හේතුව මෙන්න...


වාහන පදවන රියදුරු මහත්වරුන් හා වාහන වල නිතර නිතර ගමන් කරන මගියන් බොහෝ වෙලාවට කරන වැඩක් තමයි වාහනේ තැන තැන දාලා තියෙන වතුර බෝතල් වලින් තම තිබහ සංසිදුව ගන්න එක.
නමුත් මෙම ක්‍රියාව ඔබේ සෞඛ්‍ය බරපතල ලෙස අනතුරේ හෙලන දෙයක් බව ඇමරිකාවේ ෆ්ලොරිඩා විශ්ව විද්‍යාලයේ පරීක්ෂණ කණ්ඩායමක් සාධක සහිතව සොයාගෙන තිඛෙනවා.
සැහැල්ලු බව හා හැසිරවීමේ පහසුව ගොඩක් මිනිසුන් වාහාන ඇතුලේ වතුර පුරවලා තියන්න යොදා ගන්නේ ප්ලාස්ටික් වතුර බොතල් වලනේ.
ඒ වගේම මේ වතුර බෝතල් ගොඩක් වෙලාවට රදවලා තියෙන්නේ ෂිට් යට හෝ වාහනයේ එන්ජිමට ආසන්නයෙන්. මෙහිදි අපි නොදන්න භායනක ක්‍රියාවකට මේ ප්ලාස්ටික් වතුර බෝතල් මුහුණ පානවා. ඒ තමයි අධික උෂ්ණත්වයකට නිරාවරණය වීම.
එවිට වතුර බෝතලේ ඇතුල් බිත්තියෙන් රාසයනික ද්‍රව්‍ය කාන්දු වෙන්න පටන් ගන්නවා. ඒවා ජලයත් සමග මිශ්‍ර වෙලා පානය කරාම ඉතින් ඔයාලට මුහුණ පාන්න වෙන කරදරය ගැන ඉතින් අමුතුවෙන් කියල දෙන්න ඕනේ නෑනේ. මේ දේ එක පාරට වෙන දෙයක් නෙවෙයි.
කාලයක් තිස්සේ ඒ කියන්නේ අඩුම ගානේ සති දෙකක් තිස්සේ වතුර බෝතලයක් උෂ්ණත්වයට නිරාවරණය උනොත් සිදු වන දෙයක්. එත් තිබහ හැදුනම ගොඩක් අය වතුර බෝතලේ කොයිතරම් පරණද කියලා නම් හොයලා බලන්නෙම නෑ.
මේ දේ ඇත්තද බලන්න ෆ්ලොරිඩා විශ්ව විද්‍යාලයේ කරපු සමීක්ෂණය සදහා එරට ප්ලාස්ටික් වතුර බෝතල් වර්ග 14ක් යොදා ගත්තා.
ඔවුන් එවා සෙල්සියස් අංශක 70 උෂ්ණත්වයේ දින 14ක් තියලා තිබ්බා. දින 14 අවසානයේ බලන විට සියලුම බෝතල් වලින් භායනක ලෙස BPA තත්වය වෙනස් වී තිබුනා. ඒ කියන්නේ BPA ප්ලාස්ටික් වතුර බෝතලයේ පුරවලා තිබුණු වතුරට කාන්දු වෙලා.
මෙම සොයා ගැනීම ඇමරිකාවේ සෞඛ්‍ය බලධාරීන් මේ දක්වා පුරසාරම් දොඩවමින් සිටි ප්ලාස්ටික් වතුර බෝතල් ආරක්ෂිතයි යන කරුණ වෙනස් කරන්නට සමත් වුණා.
මේ දවස් වල පරිසරය ගොඩක් රසනේයි. එම නිසා බොහෝ වාහන වල අභ්‍යන්තරයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 50-77 ත් අතර අගයක් ගන්නවා. (එන්ජිම ආසන්නයේ) එම නිසා ඔබගේ ආරක්ෂාව උදෙසා කවදාවත් වාහන ඇතුලේ තියලා තියෙන ප්ලාස්ටික් වතුර බෝතල් වලින් වතුර බොන්න එපා.

«
Next
Newer Post
»
Previous
Older Post

No comments:

Leave a Reply