Theme images by kelvinjay. Powered by Blogger.

Slider

Recent Video

Recent News

Politics News

Foreign

Entertainment

Business News

Technology

» » » " අගමැති කරු , ඉන්න බැරි නම් යන්න" ජනාධිපතිගෙන් තද ප්‍රකාශයක් , ඉදිරි පැය කිහිපය අතිශය තීරණාත්මකයි .!



පළාත් පාලන මැතිවරණයෙන් ලැබූ පරාජයත් සමග වත්මන් ආණ්‌ඩුවේ ප්‍රධාන පාර්ශ්වකරු වන එක්‌සත් ජාතික පෙරමුණ තනි ආණ්‌ඩුවක්‌ පිහිටුවීමට ඊයේ (12 දා) තීරණය කර තිබෙන බව වාර්තා වේ.එක්‌සත් ජාතික පෙරමුණ මෙම තීරණය ගෙන ඇත්තේ පළාත් පාලන මැතිවරණ ප්‍රතිඵල නිකුත් වීමෙන් පසු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සහ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අතර කොළඹ පිහිටි ජනපති නිල නිවසේදී පෙරේදා (11 වැනිදා) සවස පැවති සාකච්ඡාවකින් පසු බවද සදහන්.
 
මෙම විශේෂ සාකච්ඡාවට කථානායක කරු ජයසූරියද එක්‌ වී තිබිණි. නව රජයේ අගමැතිවරයා කරූ ජයසූරීය බව දේශපාලන ආරංචි මාර්ග සදහන් කරනවා.
 
මෙසේ තනි ආණ්‌ඩුවක්‌ පිහිටුවීම සම්බන්ධයෙන් අගමැතිවරයා එක්‌සත් ජාතික පෙරමුණේ නායකයන් සමඟ ද සාකච්ඡා කොට ඇති අතර ඒ සඳහා ඔවුන්ගේ අනුමැතිය ද ලැබී තිබේ.
 
මේ අතර තව දුරටත් ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ රැඳී සිටින මැති ඇමැතිවරුන් ඒ පිළිබඳව තමන්ට වහා දන්වන ලෙස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඔවුන්ට දැනුම් දී ඇත.  එලෙස රැඳී සිටීමට අකමැති අයට හිටපු ජනාධිපතිවරයා සමඟ හෝ නව එක්‌සත් ජාතික පෙරමුණු ආණ්‌ඩුවට එක්‌වීමට හැකි බවද එහිදී ජනපතිවරයා විසින් ප්‍රකාශ කර තිබේ.

- Neth News

«
Next
Newer Post
»
Previous
Older Post

No comments:

Leave a Reply