Theme images by kelvinjay. Powered by Blogger.

Slider

Recent Video

Recent News

Politics News

Foreign

Entertainment

Business News

Technology

» » » » ලසන්ත ඝාතනය හා සම්බන්ධ ලිපි ලේඛන ගැන ඔබ දන්නවද?


අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු‍ව අත්අඩංගුවට ගත් ගල්කිස්ස පොලිසියේ හිටපු අපරාධ අංශ ස්ථානාධිපතිවරයාගේ නිවස පරීක්ෂා කිරී‍මේදී ලසන්ත ඝාතනය හා සම්බන්ධ අතුරුදන්වූ ලිපි ලේඛනවලට සමාන ලේඛන ගණනාවක් සොයාගෙන ඇති බවට වාර්තා වෙනවා.

එම ලිපි ලේඛන වලට අමතරව ඊට සමාන කූට ලේඛන ද හමු වී තිබෙනවා.
2009 වර්ෂයේ ජනවාරි 08 වැනි දින අත්තිඩිය මලයාර් පාසල අසලදී යතුරුපැදියක පැමිණි දෙදෙනකු විසින් ලසන්ත වික්‍රමතුංග මහතා පසුපස ලුහුබඳිමින් පැමිණ ඒ මහතාගේ මෝටර් රථය හරස් කර නවතා උල් ආයුධයකින් ඇන අමානුෂික ලෙස ඒ මහතා ඝාතනය කර තිබුණා.
වසර හතක් ගතවුවත් මේ අපරාධය සම්බන්ධව නිසි පරීක්ෂණයක් සිදු වී නෑ.
එහෙත් පසුගිය සතියේ ගල්කිස්ස හිටපු අපරාධ අංශ ස්ථානාධිපතිවරයා අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේදී ඔහුට ඉහළ පොලිස් නිලධාරීන්ගෙන් ලැබුණ උපදෙස් මත ලසන්ත ඝාතනය හා සම්බන්ධ පරීක්ෂණ සිදුකළ බව පිළිගෙන ඇත.

මේ අතර එම පරීක්ෂණ යටගසා ත්‍රස්තවාදී විමර්ශන අංශයට පරීක්ෂණ භාරකර එම ඝාතනය කොටි සංවිධානය කළ එකක් බවට පෙන්වීමට කටයුතු කළැයි සැකකෙරෙන අතර ඒ අවස්ථාවේදී පොලිස්පතිවරයා ලෙස කටයුතු කළ පොලිස්පති ජයන්ත වික්‍රමරත්න මහතා ඇතුළු ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් තිදෙනකුගේ විදෙස් ගමන් ගල්කිස්ස අධිකරණය මඟින් අත්හිටුවා ඇත.
ඉදිරි දිනවලදී එම නිලධාරීන්ගෙන් යළි ප්‍රකාශ සටහන් කර ගැනීමටත්, විදෙස්ගතව සිටින හිටපු පොලිස්පතිවරයකුගෙන් ප්‍රකාශ ලබාගැනීමටත් නියමිතව තිබේ.
අත්අඩංගුවට පත් ගල්කිස්ස හිටපු අපරාධ අංශ ස්ථානාධිපතිවරයා මේ වන විට රිමාන්ඩ් භාරයේ පසුවෙයි.
ලබන 16 වැනිදා ගල්කිස්ස අධිකරණයේදී ලසන්ත ඝාතන නඩුව යළි කැඳවීමට නියමිත අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් හෙළිකරගන්නා ලද ලසන්ත ඝාතනය හා සම්බන්ධ තොරතුරු රැසක් එදින අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

«
Next
Newer Post
»
Previous
Older Post

No comments:

Leave a Reply