Theme images by kelvinjay. Powered by Blogger.

Slider

Recent Video

Recent News

Politics News

Foreign

Entertainment

Business News

Technology

» » පෞද්ගලික හේතුවකට ළදරු පාසලේ දරුවන්ට වතුර නැවැත්වූ සභාපති නිසා දරුවන් අසරණ වෙයි

feature-top

පෞද්ගලික හේතුවක් මත ළදරු පාසලකට ලබා දුන් ජල සැපයුම කපා දැමීමේ සිදුවීමක් ආරච්චිකට්ටුව ඉලක්කට්ටුව ග්‍රාමයෙන් වාර්තා වේ. 

ඉලක්කට්ටුව මිණිමුතු ළදරු පාසලේ ළමුන් මේ හේතුවෙන් අසරණ වී ඇති අතර මේ ක්‍රියාව සිදු කර ඇත්තේ ඉලක්කට්ටුව දියදහර ප්‍රජා මුල ජල යෝජනා  ක්‍රමයේ සභාපතිවරයා බව මිණිමුතු ළදරු පාසලේ පාලිකා ලක්මිණි දිසානායක මහත්මිය පැවසුවාය .

මේ හේතුවෙන් පසුගිය 19 වන දින සිට  ළදරු පාසලේ දරුවන් අපහසුතාවයට පත්ව  සිටින අතර,   මේ පිලිබදව ආරච්චිකට්ටුව පොලිසියට ළදරු පාසල් පාලිකාව විසින් පැමිණිල්ලක්ද කර ඇත.

මේ ළදරු පාසැල ආරච්චිකට්ටුව ප්‍රාදේශීය සභාව යටතේ පාලනය වන අතර  ප්‍රාදේශීය සභාවද ජල සැපයුම විසන්ධි කිරීම හෙලා දකින බව ආරච්චිකට්ටුව ප්‍රාදේශීය සභාවේ පුර්ව ළමා අධ්‍යාපන සංවර්ධන නිලධාරී එච් .එම්.සි.නිරෝෂන්  මහතා පැවසිය .

මේ පිලිබදව ඉලක්කට්ටුව දියදහර ප්‍රජා මුල ජල යෝජනා  ක්‍රමයේ සභාපතිවරයා ගෙන් තොරතුරු විමසීමට උත්සහා කලත් එය අසාර්ථක වූ අතර උප සභාපති අජිත් ගිහාන් මහතාගෙන් කල විමසීමේදී කියා සිටියේ  මේ ළදරු පාසලට ලබා දුන් ජලය විසන්ධි කිරීමට තමන් ඇතුළු සාමාජිකයන් විශාල පිරිසකගේ විරෝධයක් පවතින බවයි. 

මෙය සභාපතිවරයා විසින් කරන ලද්දක් බවද  හෙතෙම වැඩිදුරටත් පැවසිය .

මේ ජල කප්පාදුවට සම්බන්ධ පුද්ගලයා  මෙවර පළාත් පාළන මැතිවරණය සදහා තරග කළ අපේක්ෂකයෙක් බවද ගම්වැසියන් පැවසිය . 

«
Next
Newer Post
»
Previous
Older Post

No comments:

Leave a Reply