Theme images by kelvinjay. Powered by Blogger.

Slider

Recent Video

Recent News

Politics News

Foreign

Entertainment

Business News

Technology

» » » » පක්ෂයේ මතයට හිස නමා ජනපතිධුරයට සමුදේ....


දකුණු අප්‍රිකානු ජනපති ජේකොබ් සූමා වෙත ධුරයෙන් ඉවත්වන ලෙසට තම පක්ෂය තුළින්ම ඇති වූ බලපෑම්වල ප්‍රතිඵලයක් ලෙස ඔහු සිය පක්ෂයේ මතයට හිස නමමින් අවසානයේදී ධුරයෙන් ඉවත්ව තිබේ.

රූපවාහිනිය ඔස්සේ විශේෂ ප්‍රකාශයක් ලබාදෙමින් සූමා පවසා සිටියේ වහාම ක්‍රියාත්මක වන පරිදි තමන් ධුරයෙන් ඉවත්වන බවයි. කෙසේ වෙතත්, අප්‍රිකානු ජාතික කොංග්‍රසය වන සිය පක්ෂයේ තීරණය සමග තමන් එකඟ නොවන බවද හෙතෙම මෙම රූපවාහිනී ප්‍රකාශයේදී පවසා ඇත.

දූෂණ චෝදනා හේතුවෙන් අප්‍රසාදයට පත්ව සිටි සූමාට වහාම ධුරයෙන් ඉවත්වන ලෙස හෝ නැත්නම් පාර්ලිමේන්තුවේදී දෝෂාභියෝගයකට මුහුණදෙන ලෙස අප්‍රිකානු ජාතික කොංග්‍රසය බලකර තිබුණි.

2009 වසරේ සිට බලයේ සිටින සූමා සම්බන්ධයෙන් දූෂණ සිදුවීම් කිහිපයකටම චෝදනා ගොනුවී ඇති අතර, ඔහුට පසුගිය කාලයේදී සිය පක්ෂයේ සභාපති ධුරයද අහිමිව ගියේය. 

«
Next
Newer Post
»
Previous
Older Post

No comments:

Leave a Reply