container ඔබ මේ සතුන් කෙදිනක හෝ සිහිනෙන් දැක තිබේද? එහෙනම් මෙන්න පලාපල - <br>
Theme images by kelvinjay. Powered by Blogger.

Slider

Recent Video

Recent News

Politics News

Foreign

Entertainment

Business News

Technology

» » ඔබ මේ සතුන් කෙදිනක හෝ සිහිනෙන් දැක තිබේද? එහෙනම් මෙන්න පලාපල


සාමාන්‍යයෙන් ඕනෑම කෙනෙක් රාත්‍රී නින්දේදී විවිධාකාර සිහින දකිනවා. ඒ අතරින් සමහර අවස්ථාවලදී ඔබට විවිධ සතුන් සිහිනෙන් පෙනෙන්නට පුළුවන්. ඒ දකින සතුන්, ඔබේ ජීවිතයේ විවිධ බලපෑම්වලට හේතු විය හැකියි. මේ ලිපියෙන් කියවෙන්නේ ඒ විදියට දකින විවිධ සතුන්ගෙන් ඔබේ ජීවිතයට කියවෙන රහස් පිළිබඳවයි.
බළලා – මිතුරෙකුගේ කුමන්ත්‍රණයකට අසුවිය හැක.
බල්ලා – කටයුතු අවුල් වෙයි, බල්ලන් පොර කනවා දැකීම හෝ ඇඟට බුරා පැනීම සිහිනෙන් දුටුවේ නම් රෝග පීඩාවන්ට ගොදුරු වෙනවා ඇත. බල්ලෙකු ඔබ දැක වල්ගය වන වනා ඔබ ඉදිරියට එනවා දුටුවෙනම් මිතුරෙකු හමුවීමට පැමිණෙන බවය. බුරන බල්ලන් දැකීමෙන් අමුත්තෙකුගෙන් වාසියක් සිදුවන බවය. බල්ලෙකු විසින් සපා කෑම සිහිනෙන් දුටුවේ නම් හිතවත්ව සිටි කෙනෙකු තදින් විරුද්ධවාදියෙකු වන බවයි. පිස්සු බල්ලෙකු දුටුවෙනම් හිතවත් කෙනෙකුගෙන් උදව්වක් ලැබේ.
එළුවා – අන්‍යයින්ගේ ප්‍රයෝග වලට අසුවීමට ඉඩ ඇත.
එළදෙනුන් – ඔබේ අනාගත දියුණුවට සාර්ථක අත්තිවාරමක් වැටෙනවා ඈත. එළදෙනුන් රැලක් තණ කමින් සිටියේනම් රැකියාව ස්ථිර වේ. පැටියා සහිත එළදෙනක් දැකීම සම්පත් ලැබී වාසනාව අත්වේ.
ගවයා – වාසනාවන්ත ජිවිතයක් ගතකිරීමට හැකිවේ.
බැටළුවෙක් – සියළු කටයුතු සාර්ථක වේ.
  • ගිරවා – ඔබේ හිතවත් හා විශ්වාසදායක මිතුරෙකු සමඟ විරසක වනවා ඇත.
  • මයිනා – රන් ආභරණයක් හෝ මුදලක් නැතිවීමට ඉඩ තිබේ.
  • පරවියා – පෙම් සම්බන්දතා සාර්ථක වේ.
  • සුදු හංසයා – ආර්ථිකය දියුණු වේ. විනෝදාත්මක ගමන් බිමන් ඇතිවේ.
  • කළු හංසයා – ගෘහ ජිවිතයේ මත ගැටුම් ගෙනදේ.
  • තාරාවා – අනපේක්ෂිත සම්බන්ධතාවයක් හේතු කොටගෙන දුක් විඳීමට සිදුවෙයි.
  • ගේ කුරුල්ලා – වාසනාවන්ත කාලයක් උදාවනු ඇත.
  • මොණරා – ඔබ පවුලේ සියලු දෙනාගේ සෞඛ්‍ය තත්වය යහපත් වෙයි.
  • කොබෙයියා – ප්‍රීතිය අත්වන කාලයක් වැඩිහිටි සබදතා තරවේ.
  • කපුටා – මරණයක් ගැන අසන්නට ලැබේ.
  • කොවුලා – පවුල් අඩ දබර නිතර සිදුවනු ඇත .පෙම් සබදතා කඩාකප්පල් වනු ඇත.
  • ගිජුලිහිණියා – සර්පයින්ගෙන් බය, රෝගපීඩාවලට හේතු වෙයි
  • රාජාලියා – ප්‍රීතිමත් කාලයක් ගතකරන්නට ලැබේ.
  • වවුලා – බලාපොරොත්තු නොවූ කරදරයකට මුහුණපාන්නට සිදුවනවා ඇත.
  • වළිකුකුලා – අනපේක්ෂිත සිද්ධියක් හේතුකොටගෙන ජිවිතය සැපවත් වනු ඇත.
  • පොල්කිච්චා – බලාපොරොත්තු නොවූ ධන ලාභයක්.
  • කුකුලෙක් – ඈත්ව සිටි ඥාතියෙකු සමඟ නැවත සම්බන්ධකම් පවත්වයි.
  • හඬලන කුකුලා – ප්‍රීතිවීමට අවස්තාවක් උදාවෙයි.
  • කිකිළිය – විනෝදාත්මක කටයුත්තකට සහභාගිවීමට ඉඩ ලැබේ.
  • බකමුණා – ඉදිරියේදී අනතුරක් සිදුවන බව.
  • ඇටිකුකුළා – සමාජයේ උසස් තත්වයකට පත්වන්නේය.
මුවා – අනතුරක් වලක්වා ගැනීමට හැකිවේ
සිංහයා – වැදගත් ක්‍රියාවකදී ඔබට නායකත්වය ලැබෙනු ඇත.
අලි ඇතුන් – ඇතෙකු සිහිනෙන් දුටුවෙනම් ඔබේ බලාපොරොත්තු සාර්ථක වේ. අලි ඇතුන් පිට නැගී යාම දුටුවෙනම් රැකි රක්ෂාවල උසස් තනතුරු හිමිවේ.
අශ්වයා – සුදු අශ්වයා ධනලාභ ගෙනදෙන සිහිනයකි. කළු අශ්වයා අසාර්ථක වීම හා පසුතැවිලි වලට භාජනය වන්නේය. දුඹුරු අශ්වයා කටයුතු ප්‍රමාද කරයි. අසුන් පිට නැගී යනවා දුටුවෙනම් සියලු සම්පත් ලැබේ.
වලහා – මිත්‍රයෙකු තදබල ලෙස අමනාප වේ.

«
Next
Newer Post
»
Previous
Older Post

No comments:

Leave a Reply