container බ්‍රිගේඩියර් ප්‍රියංකර හෙට රෑ රාජපක්ෂලාගේ රෙදි ගලවයි...! - <br>
Theme images by kelvinjay. Powered by Blogger.

Slider

Recent Video

Recent News

Politics News

Foreign

Entertainment

Business News

Technology

» » » බ්‍රිගේඩියර් ප්‍රියංකර හෙට රෑ රාජපක්ෂලාගේ රෙදි ගලවයි...!



මේ වන විට සමාජ ජාලා මාධ්‍ය ඔස්සේ බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු මහතාට හිමිව ඇති ස්ථානය පුදුම සහගතය.

ඒ අන් කිසිවක් නිසාවෙන් නොව ලන්ඩන් නගරයේ කොටි හිතවාදි උද්ඝෝෂණයකට එරෙහිව ඔහු දැක් වු හස්ත ප්‍රකාශනයක් හා ඒ සම්බන්ධයෙන් ශ්‍රිලංකා විදේශ අමාත්‍යංශය ක්‍රියාත්මක වු ආකාරය නිසාවෙනි.

මේ වන විට ජනපති මැදිහත්ව ඔහුගේ සේවය නැවත පිහිට වුවද, රාජපක්ෂවරුන් ඔවුන්ගේ බංකොලොත් දේශපාලනය වෙනුවෙන් තමාව යොදවා ගැනීම සම්බන්ධයෙන්  මේ වන විට ඔහු  දැඩි කම්පනයෙන් පසු වන බවයි ඔහුගෙ සමීපතම ආරංචි මාර්ග පවසන්නේ. 

ඒ හේතුවෙන්, රාජපක්ෂවරුන් තමාගෙන් පලිගත් ආකාරය හා රාජපක්ෂවරුන්ගෙ දුෂිත යුද රහස් කිහිපයක්ම හෙට දිනයේ ඔහු හෙළි කිරිමට නියමිතය.

9 වෙනිදා රාත්‍රීයේ මෙම ප්‍රකාශය කිරිමට නියමිතව සිටියද මැතිවරණ කොමසාරිස්වරයා ගෙන් ඒ සදහා බාධාවක් එල්ල විය හැකි බැවින් එකී ප්‍රකාශය හෙට දින සිදු කිරිමට සියලු කටයුතු මේ වන විට සුදානම් කර ඇත.

එමෙන්ම බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු මැතිතුමා 2010 මැතිවරණය කාලයේ සරත් ෆොන්සේකා මහතාගේ කාලයේ මුල්ලන්කෝවිල්  කඳවුරේ කමාන්ඩින් ඔෆිසර් ලෙස කටයුතු කරන අවස්ථාවේ මහින්ද රාජපක්ෂ වෙනුවෙන් ජන්දය දෙන ලෙස ගායකයෙක් පැමින ජන්ද ප්‍රචාරන කටයුතු කරද්දී  එතුමා ඒ ගායකයාට එරෙහි වී ප්‍රකාශ කලේ කඳවුර ඇතුළෙ දේශපාලනය නොකරන ලෙසයි. 

එකී  ප්‍රකාශය සිදු කර පැය කීපයක් ගත වීමට මත්තෙන් තමාගේ වැඩ තහනම් වු අයුරු හා එකි තහනම් වීම සිදු වුයේ කාගේ උවමනාවටද යන්න මෙහිදී අනාවරණය වනු ඇත.

(විශේෂ දේශපාලන වාර්තා කරුවෙකු විසිනි) - Infosrilanka 

«
Next
Newer Post
»
Previous
Older Post

No comments:

Leave a Reply