Theme images by kelvinjay. Powered by Blogger.

Slider

Recent Video

Recent News

Politics News

Foreign

Entertainment

Business News

Technology

» » » යාපනයේ වරායක් හදන්න නෝර්වේ රාජ්‍යයෙන් ඇ.ඩො බිලියනයක්!


යාපනයේ කන්කසන්තුරේ මයිලිට්ටි ධීවර වරාය සම්පූර්ණයෙන්ම ප්‍රතිසංස්කරණය කිරීම පිණිස නෝර්වේ රජයෙන් ඇමරිකානු ඩොලර් බිලියනයක ආධාරයක් ලබා දී ඇතැයි නොර්වේ තානාපති කාර්යාලයේ නියෝජ්‍ය කොමසාරිස්වරිය ප්‍රකාශ කොට තිබේ.
ඇය මෙම ප්‍රකාශය සිදු කොට ඇත්තේ පසුගිය සතියේ යාපනයේ සංචාරය කල අවස්ථාවේදීය.
මෙම ආධාර මුදලෙන් කන්කසන්තුරේ මයිලිට්ටි ධීවර වරාය සම්පූර්ණයෙන්ම ප්‍රතිසංස්කරණය කෙරෙන අතර ඒ මගින් පළාතේ ධීවර පවුල් 28000 කට සහන සැලසෙනු ඇත.
කන්කසනතුරේ වරාය ආශ්‍රිතව පිහිටි මයිලිට්ටි ධීවර වරාය යුද සමයේදී අධි ආරක්ෂිත කලාපයක් වශයෙන් ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් භාවිත කළ අතර එම කාලයේදී මයිලිට්ටි ධීවර වරාය ප්‍රතිසංස්කරණය කරණ ලද්දේද නාවික හමුදාව විසිනි.
මේ වන විට මයිලිට්ටි ධීවර වරායෙන් විශාල කොටසක් අධි ආරක්ෂිත කලාපයෙන් නිදහස් කොට ධීවරයින්ගේ ප්‍රයෝජනය සදහා ලබා දී තිබේ.

- දිනසේන රතුගමගේ

«
Next
Newer Post
»
Previous
Older Post

No comments:

Leave a Reply