Theme images by kelvinjay. Powered by Blogger.

Slider

Recent Video

Recent News

Politics News

Foreign

Entertainment

Business News

Technology

» » » දෙමළ ඊළම පූදින්නේ අප මතින් නොව, ඔබේම නෙළුම් පොහොට්ටුව මතින් - ආර්. සමබන්ධන් හිටපු ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුවේ වාග් ප්‍රහාරයක්..!


හිටපු ජනාධිපතිවරයා සිංහල ජනතාව නොමග යැවීමේ දේශපාලන ව්‍යාපාර දියත් කරන බව විපක්‍ෂ නායක ආර්. සමබන්ධන් මහතා ප්‍රකාශ කළා. ඔහු මේ බව සඳහන් කළේ ඊයේ (19දා) පාර්ලිමේන්තුව සිදු කළ කතාවක් අතරතුරයි. එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් විපක්‍ෂ නායක ආර්. සමබන්ධන් කියා සිටියේ ඡන්දයේ තීන්දුව අනුව ඊළම නැවත නැගිටිනු ඇතැයි කළ ප්‍රකාශයෙන් තමන් තැතිගත් බවයි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විපක්‍ෂ නායකවරයා,
''දෙමළ ඊළම නිර්මාණය වෙන බව ඔහු කියන්නේ කෙසේද? ඔහුගේ දේශපාලන ව්‍යාපාරය අහිංසක සිංහල ජනයා නොමග යවන සුලු ද්වේෂ සහගත, කුරිරු හා අස්ථිර ක්‍රමවේදයක්. රාජපක්‍ෂ මහතා මේ ක්‍රමවේදයෙන්ම කටයුතු කළොත් දෙමළ ඊළම පූදින්නේ අප මතින් නොව, ඔබේම නෙළුම් පොහොට්ටුව මතින්'' යැයි පවසා සිටියා.

«
Next
Newer Post
»
Previous
Older Post

No comments:

Leave a Reply