Theme images by kelvinjay. Powered by Blogger.

Slider

Recent Video

Recent News

Politics News

Foreign

Entertainment

Business News

Technology

» » » » පාර්ලිමේන්තුවේ ඉන්නෙ සල්ලිවලට විකිණිච්ච නැති මන්ත්‍රීවරු හය දෙනයි - සුනිල් හඳුන්නෙත්ති


පාර්ලිමේන්තුවේ මුදල් හොරකම් නොකරපු මන්ත්‍රීවරු සිටින්නේ ජනතා විමුක්‌ති පෙරමුණේ බවත් මෙවර පළාත් පාලන මැතිවරණය දිනන හැම කොට්‌ඨාසයකම ශ්‍රී ලංකා, යූ. ඇන්. පී. භේදයකින් තොරව ගමේ අවශ්‍යතා ඉටු කිරීම සඳහා විද්වත් කමිටුවක්‌ පත් කොට සංවර්ධන අරමුදලක්‌ පිහිටු වීම සඳහා ජනතා විමුක්‌ති පෙරමුණේ දිනන මහා ජන නියෝජිතයාගේ පළමු මාසික දීමනාව සංවර්ධන අරමුදලට බැර කිරීමට දිවුරුම් දී සහතික වී ඇති බව ජවිපෙ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා පොළොන්නරුව බැඳිවැව ප්‍රදේශයේදී පැවැති ජන හමුවේදී පැවසීය.

 මම එක දෙයක්‌ කියන්නම් රනිල් වික්‍රමසිංහ මහත්තයට වඩා මම දුප්පත්. රවි කරුණානායක මහත්තයට වඩා මම දුප්පත්. සුජීව සේනසිංහ මන්ත්‍රීතුමාට වඩා මම දුප්පත්. හැබැයි මම දන්නවා රවි කරුණානායකගේ මිල මෙච්චරයි කියලා. මට කියන්න පුළුවන් බැඳුම්කර වංචාවට එයාලා හොරු වෙලා ඉන්නේ ඒ නිසා කෝටි ගණන කියන්න පුළුවන්. විකිණිච්ච ගාණ සුජීව සේනසිංහගේ ගණන මෙච්චරයි කියලා. මම අහනවා හඳුන්නෙත්තිගේ ගාණ කියද කියලා. කාට හරි කියන්න පුළුවන්ද පාර්ලිමේන්තුවේ හඳුන්නෙත්තිගේ වටිනාකම මෙච්චරයි කියලා. අනුර කුමාරගේ මිල මෙච්චරයි කියලා කියන්න පුළුවන්ද? අනිත් අයට දැන් ලන්සු තියලා තියෙන්නේ. කෝටි මෙච්චරයි අර ගත්තු ගාණ මෙච්චරයි කියලා. අපේ ගාණ කීයද කියන්නේ කියන්න බෑ. අමිලයි. අපි හොරකම් කරලා නෑ. ඒ නිසා පාර්ලිමේන්තුවේ ඉන්නෙ සල්ලිවලට විකිණිච්ච නැති මන්ත්‍රීවරු හය දෙනයි. ඒ ජනතා විමුක්‌ති පෙරමුණේ හය දෙනා විතරයි.

«
Next
Newer Post
»
Previous
Older Post

No comments:

Leave a Reply