container ලොව පුරා වැඩි දෙනෙකුගේ බඩගින්න නිවන කෑම මෙන්න... - <br>
Theme images by kelvinjay. Powered by Blogger.

Slider

Recent Video

Recent News

Politics News

Foreign

Entertainment

Business News

Technology

» » » » ලොව පුරා වැඩි දෙනෙකුගේ බඩගින්න නිවන කෑම මෙන්න...


ගොවියාට අපනයන කෘෂිකර්මාන්තය ගැන දැනීමක් නැති නිසා අද අපනයනකරුවෝ ගොවි පොළට ම ගොස් අල ගලවා ගැනීමේ උපදෙස් දෙති. අපනයන සංවර්ධන මණ්ඩලය සහ එළවළු හා පලතුරු අපනයන සංගමය ද මේ පිළිබඳ සමුළු පවත්වති. එහෙත් මයියොක්කා වගාවේ පශ්චාත් අස්වනු හානිය ඉතා ඉහළ මට්ටමක පවතී. පශ්චාත් අස්වනු හානිය බලපාන්නේ අපනයනයේ දී පමණක් නොවේ. කිරිවත්තුඩුවේ මයියොක්කා වගාකරුවකු වන නිමල් හරිශ්චන්ද්‍ර මහතා පවසන්නේ තම ගොවිපොළට පැමිණෙන වෙළෙන්දන් කුඩා අල සහ කැඩුණු අල මිලට ගැනීමට අකැමැති බවයි. එම නිසා එම අල කිසිදු මිලක් නොගෙන වෙළෙන්දන්ට දීමට සිදු වන බවත්, මෙයි පොදුවේ සියලු වගාකරුවන් මුහුණ දෙන ප්‍රශ්නයක් බවත් ඔහු කියයි.
මයියොක්කා ශ්‍රී ලංකාවට ආගන්තුක භෝගයකි. එහි නිජබිම දකුණු අමෙරිකාවයි. ක්‍රි.පූ. 4000 පමණ කාලයේදී පවා මයියොක්කා ආහාරයට ගත් බව කියැවේ. ක්‍රි.පූ. 1500 වනවිට මයියොක්කා ගෘහශ්‍රිතව වගා කිරීමට පුරුදුව සිටි බවට ද වාර්තා වේ. ඒ දකුණු ඇමෙරිකා ජනාවාසයන්හී ය. ශ්‍රී ලංකාවට මයියොක්කා හඳුන්වා දෙනු ලැබුවේ පෘතුගිසින් විසින් යැයි පිළිගැනේ. මඤඤොක්කා යන වචනය ස්පාඤ්ඤ බසෙන් පෘතුගිසි බසට එක්වූවකි. පැරැණි ඕලන්ද ලියකියවිලි සියනෑ ‍කෝරළය සහ සල්පිටි කෝරළයේ ක්‍රමානුකූල මයියොක්කා වගාවන් දක්නට ලැබුණු බව සඳහන් වේ. මයියොක්කා වගාව අද වන විට ශ්‍රී ලංකාවේ ගෘහාශ්‍රිත වගාවකි.
කලාතුරකින් සුළු පරිමාණ වගා දක්නට ලැබේ. එහෙත් වියට්නාමය, චීනය සහ තායිලන්තය යන රටවල් මේ වනවිට මහා පරිමාණයෙන් මයියොක්කා වගා කිරීම ආරම්භ කර තිබෙන්නේ එහි ඇති වාණිජමය වටිනාකම නිසාය. ශ්‍රී ලංකාව එළවළු හා පලතුරු අපනයන කර්මාන්තයට සම්බන්ධවීම සමඟ මයියොක්කා අපනයන භාණ්ඩයක් ලෙස ඉදිරියට පැමිණ ඇත.
 කුඩා ප්‍රමාණයේ වගාවන් කළුතර හා ගම්පහ දිස්ත්‍රික්කයේ දක්නට ලැබේ. එහෙත් මුහුදු මට්ටමේ අඩි 3600 දක්වා උස භූමියේ පවා මයියොක්කා සාර්ථකව වගා කරන බවට වෙනත් රටවලින් සාක්කි ලැබේ. ලංකාවේ වියළි කලාපයේ මෙන් ම, තෙත් කලාපයේ ද මේ වගාව පැතිර ඇති නමුත් තවම මයියොක්කා වගාවෙන් නිසි ප්‍රයෝජනය අත්කරගන්නා බවක් අන්තර්ජාතික කෘෂිකර්මාන්තය සමඟ සසඳන විට පෙනෙන්නේ නැත. එළවළු අපනයනකරුවන් නිතර නඟන මැසිවිල්ලක් නම් තමනට අවශ්‍ය අන්දමේ මයියොක්කා අල ලබාගැනීමට දුෂ්කරතා පවතින බවයි.
 එළවළු අපනයනය පිළිබඳ අත්දැකීම් ඇති මොහමඩ් මුබාරක් මහතා පවසන්නේ අපනයනය සඳහා වන එළවළු ඇසුරුම්කරණය සහ පශ්චාත් අස්වනු හානිය පිළිබඳ විධිමත් දැනීමක් මයියොක්කා ගොවියනට ලබා දිය යුතු බවයි. ඉතා විශාල අල අපනයනය කිරීම අසීරු වන්නාසේ ම සුළු වශයෙන් හෝ තැලීම් සීරීම් ඇත්නම් එම අල ද විදේශිය වෙළෙඳ පොළේ දී ප්‍රතික්ෂේප වේ.
 ඉන්දියාවේ කේරළය, තමිල්නාඩුව සහ ආන්ද්‍ර ප්‍රදේශ ද වියට්නාමය, මලයාසියාව සහ තායිලන්තය ද අද මයියොක්කා වගාවට මහා පරිමාණයෙන් සම්බන්ධ වෙමින් විදේශ වෙළෙඳ පොළ දිනා ගැනීමේ උත්සාහයක නිරත වේ. ගොවියාට අපනයන කෘෂිකර්මාන්තය ගැන දැනීමක් නැති නිසා අද අපනයනකරුවෝ ගොවි පොළට ම ගොස් අල ගලවා ගැනීමේ උපදෙස් දෙති. අපනයන සංවර්ධන මණ්ඩලය සහ එළවළු හා පලතුරු අපනයන සංගමය ද මේ පිළිබඳ සමුළු පවත්වති. එහෙත් මයියොක්කා වගාවේ පශ්චාත් අස්වනු හානිය ඉතා ඉහළ මට්ටමක පවතී. පශ්චාත් අස්වනු හානිය බලපාන්නේ අපනයනයේ දී පමණක් නොවේ. කිරිවත්තුඩුවේ මයියොක්කා වගාකරුවකු වන නිමල් හරිශ්චන්ද්‍ර මහතා පවසන්නේ තම ගොවිපොළට පැමිණෙන වෙළෙන්දන් කුඩා අල සහ කැඩුණු අල මිලට ගැනීමට අකමැති බවයි.
 එම නිසා එම අල කිසිදු මිලක් නොගෙන වෙළෙන්දන්ට දීමට සිදුවන බවත්, මෙයි පොදුවේ සියලු වගාකරුවන් මුහුණ දෙන ප්‍රශ්නයක් බවත් ඔහු කියයි. එහෙත් මේ අල සඳහා ද ඔහු වියදමක් හා ශ්‍රමයක් වැය කර මාස 8 ක් තිස්සේ නඩත්තුවක් ද කර ඇත. මයියොක්කා වගාවේ පිරිවැය ද ඉහළ මට්ටමක පවතින බව ඔහු කියයි.
 නිමල් හරිස්චන්ද්‍ර මහතා පවසන අන්දමට මයියොක්කා සිටුවීම සඳහා ඉඩම් අක්කරයක බිම සකස්කිරීමට රුපියල් 10,000/ දහදාහක වියදමක් දැරීමට සිදුවේ. වගාව මාස 8 ක් රැක බලා ගත යුතු අතර මනාව නඩත්තු කළ යුතුවේ. එම කාලය තුළ දෙවතාවක් පොල් පොහොර භාවිතා කළ යුතුවේ. පළමු අවස්ථාවේ පොල් පොහොර මිටි 5 ක් අවශ්‍යය වේ. එක පොහොර මිටියක් රුපියල් 2950 කි. දෙවන වතාවට පොහොර මිටි 7 ක් යෙදිය යුතුය. කුකුල් පොහොර යොදන්නේ නම් එම පොහොර මිටි 50 ක් යෙදිය යුතුය. එක පොහොර මිටියක් රුපියල් 180 ක් පමණ වේ. මීයන්, ඉත්තැවුන් වැනි සතුන්ගෙන් මෙන් ම විචිත්‍ර වෛරස්, කොළ කොඩවීම් ආදියට ද ප්‍රතිකාර කළ යුතුවේ.
 අද දේශීය වෙළෙඳ පොළේ මයියොක්කා අල කිලෝවක මිල රුපියල් 80 කි. දේශීය වෙළෙන්දා ගොවිපොළෙන් මිලට ගන්නේ කිලෝව රුපියල් 45 බැගිනි. මේ අනුව මාස 8 ක් කාලය කැප කර ‍ගොවියා රුපියල් 45 ක් කිලෝවකින් උපයන විට එක දවසකදී සිල්ලර වෙළෙන්දා කිලෝවකින් රුපියල් 35 ක් උපයා ගනියි.
 මයියොක්කා වගාවේ ජාත්‍යන්තර තත්ත්වය කෙබඳු ද යන්න දැන් විමසා බලමු.
සහල් සහ ඉරිඟු යන ආහාර ද්‍රව්‍යයනට අනතුරුව අද ලොව ප්‍රචලිතම බෝගය මයියොක්කා යැයි ලෝක ආහාර සංවිධානය විසින් 1974 දී පිළිගෙන තිබේ. බිලියන බාගයක් පමණ ජනතාවගේ ප්‍රධාන දෛනික ආහාරය මයියොක්කා අල හෝ ඒ ආශ්‍රිත ආහාර නිෂ්පාදනයි. ලෝක මයියකොක්කා නිෂ්පාදනය 2014 දී මෙ.ටොන් දසලක්ෂ 268.3 කැයි ලෝක ආහාර සංවිධානය කියයි. මේ නිෂ්පාදනයෙන් සියයට 44 ක් නයිජීරියාවෙනි. තායිලන්තය, ඉන්දුනීසියාව, බ්‍රසීලය සහ කොංගෝ ජනපදය පිළිවෙළින් දැවැන්තම නිෂ්පාදකයෝය. වියට්නාමය සහ චීනය දැන් මයියොක්කා නිෂ්පාදනයට සම්බන්ධව සිටී. චීනය ආසියා පැසිපික් කලාපීය රටවලින් තම රටට අවශ්‍ය මයියොක්කා සහ ඒ ආශ්‍රිත ආහාර නිෂ්පාදන ගෙන්වා ගනී.
 අප්‍රිකාවේ උප සහරා කලාපීය රටවල ප්‍රධාන ම බෝගයක් ‍වන්නේ ද මයියොක්කා වගාවයි. දැන් ඝානාවේ කෘෂිකර්මාන්තයෙන් සියයට 46 ක් මයියොක්කා වගාවට යට වී තිබේ. මයියොක්කා වගාව ලෝක ආහාර අවශ්‍යතා සැපිරීම සඳහා දැන් පෙරට පැමිණෙමින් සිටී. වියට්නාමය මයියොක්කා පිටි නිෂ්පාදනය ආරම්භ කර තිබේ. ලෝක වෙළෙඳ පොළට මයියොක්කා පිටි සපයන ප්‍රධාන ම රට වියට්නාමයයි. ඉන්දියාවේ තමිල් නාඩු ප්‍රාන්තය මයියොක්කා පිටි කම්හල් රාශියක් අරඹා තිබේ. තිරිඟු පිටි වෙනුවට විකල්පයක් ලෙස මයියොක්කා පිටි භාවිතා වන අතර නූඩ්ල්ස්, සුප්, පාන් සහ වෙනත් රසකැවිලි සඳහා මයියොක්කා පිටි භාවිතා වේ.
 බ්‍රසීලය, ගයනාව, සුරිනාම්, ඉක්වදෝර්, පේරු, බ්‍රසීලය සහ ඉන්දියාව විවිධ අයුරින් මයියොක්කා භාවිතා කරන අතර සමහර රටවල් මත්ද්‍රව්‍ය නිෂ්පාදනය සඳහා ද මයියොක්කා භාවිතා කරයි. එසේම සත්ත්ව ආහාර නිෂ්පාදනය සඳහා මයියොක්කා පැළැටිය භාවිතා කිරීම ද දැන් දැන් දක්නට ලැබේ. ආහාර නිෂ්පාදනය නව ඉසව්කරා රැගෙන යෑමට උත්සහ කරන සූපවේදියෝ අර්තාපල් වෙනුවට මයියොක්කා භාවිතා කරති. මයියොක්කා පිටි පැකට් වශයෙන් අලෙවිකිරීම ද දැන් ජනප්‍රියත්වයට පත්ව තිබේ. මේ නිෂ්පාදන සඳහා වෙළෙඳ සන්නාම පවා හිමිකර ගෙන තිබේ.
 මෑතකදී කළ සමීක්ෂණයකට අනුව ආසියාවේ හෙක්ටයාර දස ලක්ෂ 3.6 ක් පුරා මයියොක්කා වගා පැතිර තිබේ. චීනයේ GUANGX ප්‍රදේශය දැන් වාර්ෂිකව මයියොක්කා මෙට්‍රික් ටොන් දසලක්ස 7 ක අස්වැන්නක් ලබාගනී. මේ අනුව ශ්‍රී ලංකාවේ ගොවීන් සහ කෘෂි ව්‍යවසායකයන් මයියොක්කා වගාව දෙස නව ආකල්ප සහ නවෝත්පාදනමය ආකාරයකින් සිතා බැලිය යුතුය. මයියොක්කා ප්‍රභේද තුනක් දැනට ශ්‍රී ලංකාවේ ප්‍රචලිතය. එයින් කිරිකවඩි නම් ප්‍රභේදය මාස 6 කදී අස්වනු ගත හැකි වර්ගයක් ලෙස ජනප්‍රියව තිබේ.

«
Next
Newer Post
»
Previous
Older Post

No comments:

Leave a Reply