Theme images by kelvinjay. Powered by Blogger.

Slider

Recent Video

Recent News

Politics News

Foreign

Entertainment

Business News

Technology

» » » » අතිශයින්ම කාන්තාවන්ට පමණයි !


සෞදි අරාබියේ 19 වන වරටත් සංවිධානය කරනු ලැබු විවාහ මංගල ප්‍රදර්ශනයක් ජෙඩා නුවර 'ජෙඩා හිල්ටන්' හෝටලයේදී පසුගියදා නිමාවට පත්ව තිබෙනවා.
දින 03ක් පැවති විවාහ මංගල ප්‍රදර්ශනයට සෞදි කාන්තාවන්ට පමණක් සහභාගී වීමට අවස්ථාව ලබා දී තිබීම මෙහි විශේෂත්වයක්.
සෞදි තරුණියන්ට මනාලියන් ලෙස පෙනී සිටීමට අවස්ථාව හිමි වු අතර විවාහ වීමට අපේක්ෂාවෙන් සිටින තරුණියන්ට මංගල අවස්ථාවට අවශ්‍ය කරන ස්වර්ණාභරණ, සුවඳවිලවුන්, සැරසිලි, රූපලාවණ්‍ය භාණ්ඩ, තෑගි සහ සියලුම උපාංග පිළිබඳව දැනුවත් වීමට සහ මිලදී ගැනීමට අවස්ථාව හිමි ව තිබෙනවා.
“රට සංවර්ධනය කිරීමේදි සෞදි කාන්තාවගේ දායකත්වය පෙරදාටත් වඩා අත්‍යාවශ්‍ය සාධකයක් බවට අද වනවිට පත් වී ඇත.’’ යනුවෙන් ප්‍රදර්ශනය විවෘත කරමින් සෞදි කුමරු, මුඩි බින්ට් නසීර් බින් අබ්දුල්ලාසිස් ප්‍රකාශ කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
විවාහ මංගල උත්සව සඳහා සෞදි ජාතිකයින් වාර්ෂිකව සෞදි රියාල් බිලියන 02කට ආසන්න මුදලක්  වියදම් කරන බවයි  අධ්‍යයනයකින් සොයාගෙන ඇත්තේ.

«
Next
Newer Post
»
Previous
Older Post

No comments:

Leave a Reply