Theme images by kelvinjay. Powered by Blogger.

Slider

Recent Video

Recent News

Politics News

Foreign

Entertainment

Business News

Technology

» » » » ඌවේ මහඇමතිට එරෙහිව මානව හිමිකම් කොමිසමට තවත් පිරිසක්.....



විදුහල්පතිනියක් දණ ගැස්වූ බවට චෝදනා එල්ල වන ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක විසින් තමන්ට තර්ජනය කොට පහරදීමට උත්සාහ කිරීමක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කරන බව ඒකාබද්ධ රැකියා විරහිත උපාධාධිරී සංගමයේ කැදවුම්කරු පූජ්‍ය තැන්නේ ඥානානන්ද හිමියන් පවසනවා.

ඌව පළාතේ රැකියා විරහිත උපාධිධාරීන්ගේ ගැටළු සම්බන්ධව සාකච්ඡා කිරීම සඳහා මහඇමතිවරයා හමුවීමට ගිය අවස්ථාවේදී තමන්ට බැන වැදී පහරදීමට උත්සාහ කළ බවයි උන්වහන්සේ චෝදනා කළේ. 

ඒ තුළින් තම මානව හිමිකම් කඩ වී ඇති බවයි උන්වහන්සේ සඳහන් කළේ.

කෙසේ වෙතත්, අද (06) දින තමන් මානව හිමිකම් කොමිසමට ඊට අදාළව පැමිණිල්ලක් ඉදිරිපත් කරන බව ඒකාබද්ධ රැකියා විරහිත උපාධාධිරී සංගමයේ කැදවුම්කරු පූජ්‍ය තැන්නේ ඥානානන්ද හිමියන් කියා සිටියා.

«
Next
Newer Post
»
Previous
Older Post

No comments:

Leave a Reply