Theme images by kelvinjay. Powered by Blogger.

Slider

Recent Video

Recent News

Politics News

Foreign

Entertainment

Business News

Technology

» » » රනිල් - මෛත්‍රී යලිත් ගැටෙයි! (විශේෂ)



පෙබරවාරි 22 දින සිදුකිරීමට නියමිතව තිබූ කැබිනට් මණ්ඩල සංශෝධනය එදින සිදු නොකෙරුණේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනත්, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහත් අතර හටගෙන ඇති බල අරගලය කැබිනට් සංශෝධනය සම්බන්ධයෙන් සමථයකට පත් කර ගැනීමට නොහැකිවීම හේතුවෙන් බව වාර්තා වේ. 

කැබිනට් මණ්ඩල සංශෝධනයේදී එක්සත් ජාතික පක්ෂයේ තනතුරු හිමිවිය යුතු පුද්ගලයින් සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ඉදිරිපත් කරන බොහෝ නාමයෝජනා වලට ජනාධිපතිවරයා විරුද්ධත්වය ප්‍රකාශ කිරීමත්  කැබිනට් මණ්ඩල තනතුරු හිමිවිය යුතු එක්සත් ජාතික පක්ෂයේ පුද්ගලයින් පිළිබඳව ජනාධිපතිවරයා ඉදිරිපත් කරන නම් අග්‍රාමාත්‍ය ප්‍රතික්ෂේප කිරීමත් ඒ සඳහා හේතු වී තිබේ.

එමෙන්ම අග්‍රාමාත්‍යවරයා ධූරයෙන් ඉවත් කිරීම සම්බන්ධයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව තමාට බලය තිබේද යන්න පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණ මතය විස්මසා ජනාධිපතිවරයා යැවූ ඉල්ලීමට මෙතෙක් ප්‍රතිචාර නොලැබීමද කැබිනට් මණ්ඩල වෙනස පමාවීමට තවත් හේතුවක් වී ඇත. 

ජනාධිපතිවරයාගේ එම මත ව්මසීම  ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නීතිපතිවරයාට හා ශ්‍රී ලංකා නීතීඥ සංගමයට යොමුකරනු ඇති අතර එම ආයතන දෙක ඒ සම්බන්ධයෙන්වූ සිය මතය ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දිය යුතුය. මීට පෙර තමාගේ ධූරකාලය වසර පහක් ද, වසර හයක්ද යන්න පිළිබඳව ජනාධිපතිවරයා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් විමසූ අතර ඒ අවස්ථාවේදීද ශ්‍රේෂ්ඨාධිකරණය සිය මතය දක්වන ලෙස නීතිපතිවරයාගෙන් හා ශ්‍රී ලංකා නීතිඥ සංගමයෙන් ඉල්ලා තිබුණි. 

එහෙත් එම අවස්ථාවේදී ශ්‍රේෂ්ඨාධිකරණය ජනාධිපතිවරයාගේ එම මත විමසුම  විවෘතව විමසූ අතර මෙම අවස්ථාවේදී කිනම් ක්‍රමයක් අනුගමනය කරන්නේද යන්න පැහදිලි නැත. කෙසේ වෙතත් ජනාධිපතිවරයාට  හා අග්‍රාමාත්‍යවරයාට කැබිනට් මණ්ඩල සංශෝධයන සම්බන්ධයෙන් එකඟතාවයකට පැමිණීමට නොහැකි වුවහොත් එය තවදුරටත් කල් යනු ඇත. 

මෙම බල අරගලයේදී අග්‍රාමාත්‍ය තනතුරෙන් ඉවත්වන ලෙස ජනාධිපතිවරයා විසින් මුලින්ම යෝජනා කල අතර එජාපෙ මන්ත්‍රීවරුන්ද කැඳවා අග්‍රාමාත්‍යවරයාට එරෙහි වන ලෙසට ඉල්ලීය. 

පසුව එජාපයේ වෙනත් අයෙකු අග්‍රාමාත්‍යධූරයට පත්කරන්නට සූදානම් බව පැවසූ ජනාධිපතිවරයා එයද අසාර්ථකවීමෙන් පසු අමාත්‍ය නිමල් සිරිපාල අගමැතිවරයා වශයෙන් පත්කර ශ්‍රීලනීප ආණ්ඩුවක් සෑදීමටද උත්සාහ කළේය. ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසා ඇත්තේ මේ සියල්ලම අසාර්ථක වීමෙන් පසුය. 

උපුටා ගැනීම - රාවය පුවත්පත 

«
Next
Newer Post
»
Previous
Older Post

No comments:

Leave a Reply